Header

Sri Lanka Army

Defender of the Nation

12th March 2024 17:06:48 Hours

3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසකට මුල්ගල් තබයි

3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මන්දාරම්නුවර ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 මාර්තු මස 09 දින මුල්ගල් තැබීය.

මුල්ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 112 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර සහභාගි විය. දානපතියන්ගේ මූල්‍යමය දායකත්වය හා 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් එස්.ජේ. සමරනායක ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.