12th March 2024 14:10:03 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් ‘සමකාලීන දේශීය සහ ජාත්‍යන්තර ආරක්‍ෂක ගැටළු’ සම්බන්ධයෙන් සම්මන්ත්‍රණයක් ඉකුත් සඳුදා (මාර්තු මස 11) දින එම මූලස්ථානයේදී පැවැත්වූ අතර, ඒ සඳහා මහාචාර්ය ඩේවිඩ් බෲව්ස්ටර් (Professor David Brewster), ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් (Colonel Amanda Johnston) සහ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ කපිතාන් සයිමන් බැටර්මන් (Captain Simon Batterman) සහභාගී වූහ.
මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූ අතර, ඒ සඳහා සහභාගී වූ නිලධාරීන්ට සමකාලීන දේශීය සහ ජාත්‍යන්තර ආරක්‍ෂක ගැටළු පිළිබඳ සිය දැනුම වර්ධනය කරගැනීමට හැකි විය.
සම්මන්ත්‍රණය අවසානයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් දේශකයන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරන ලද අතර, අනතුරුව ඔවුන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේ සංචාරයක නිරත වූහ.
මෙම සම්මන්ත්‍රණය සඳහා 51 සහ 52 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ඒ යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.