08th March 2024 12:11:59 Hours
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සර දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ 25 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ධාවකයින් එම තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.
පාපැදි සවාරියේ පිරිමි කාණ්ඩයේ තරඟය 2024 මාර්තු මස 03 දින ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වූ අතර 2024 මාර්තු මස 07 දින යාපනයේ දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී අවසන් විය. අදියර 05 ක් යටතේ පැවති එම තරඟය කිලෝමීටර් 654 ක් ආවරණය කරමින් පැවැත්විණි. කාන්තා කාණ්ඩයේ තරඟය 2024 මාර්තු මස 07 දින මාන්කුලම් ප්‍රදේශයෙන් ආරම්භ වී එදිනම යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේදී අවසන් විය.
යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික) ගේ මඟපෙන්වීම් සහ උපදෙස් මත මෙම පාපැදි සවාරිය සඳහා යුද්ධ හමුදා පාපැදි ධාවකයින් 10 දෙනෙක් සහ කාන්තා පාපැදි ධාවකයින් 05 දෙනෙකු සහභාගී වී යුද්ධ හමුදාව වෙත ජයග්‍රහණයන් අත්කර දුන්හ. යාපනය ප්‍රදේශයේදී පැවති ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ප්‍රේක්‍ෂකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
පාපැදි සවාරියේ කැපීපෙනෙන දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:
පිරිමි කාණ්ඩයේ කණ්ඩායම් ඉසව්වේ ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව (හොඳම කාලය අනුව)
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එස්.එම්.එන්.පී. තිසේරා
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.ඩබ්ලිව්.එම්. සඳරුවන් පින්තු
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබළ ඒ.ඩී.එස්. පෙරේරා
කෙටි දුර ධාවන ඉසව්වේ පිරිමි කාණ්ඩයේ ප්‍රථම ස්ථානය - - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් එස්.එම්.එන්.පී. තිසේරා
පිරිමි කාණ්ඩයේ King of Mountain ඉසව්වේ තෙවන ස්ථානය- - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඩී.පී.එස්. වීරසිංහ
පිරිමි කාණ්ඩයේ King of Mountain ඉසව්වේ සිව්වන ස්ථානය- - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කෝප්‍රල් ආර්.ටී.සී. දයානන්ද
පිරිමි කාණ්ඩයේ King of Mountain ඉසව්වේ අටවන ස්ථානය- - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාර්මික සෙබළ ඒ.ඩී.එස්. පෙරේරා
පාපැදි සවාරියේ පිරිමි කාණ්ඩයේ ප්‍රථම ස්ථානය- - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඩී.පී.එස්. වීරසිංහ
පාපැදි සවාරියේ පිරිමි කාණ්ඩයේ පස්වන ස්ථානය- - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ ඩබ්ලිව්.ඒ.ඒ. රුක්මාල්
පාපැදි සවාරියේ කාන්තා කාණ්ඩයේ තෙවන ස්ථානය- - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.එම්. ප්‍රනාන්දු
පාපැදි සවාරියේ කාන්තා කාණ්ඩයේ හත්වන ස්ථානය- - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් යූ.එන්. කුමාරසිංහ
පාපැදි සවාරියේ කාන්තා කාණ්ඩයේ නවවන ස්ථානය- - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එන්.ඩී. විජේසිංහ