Header

Sri Lanka Army

Defender of the Nation

07th March 2024 08:37:00 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ඒකක අණදෙන නිලධාරින් ආමන්ත්‍රණය කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 06 දින යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී යුද්ධ හමුදාවේ සියලු ඒකකයන්හි අණදෙන නිලධාරීන් ආමන්ත්‍රණය කළේය. එම අවස්ථාව සඳහා සහභාගී වීමට නොහැකි වූ ඒකක අණදෙන නිලධාරින් මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ එම දේශනය සඳහා සවන් දුන්හ.

මෙම දේශනයේදී, ඒකක අණදෙන නිලධාරින්ගේ කැපවීම සහ ආදර්ශමත් සේවාව වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනයේදී, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීම පිළිබඳවත් භටපිරිස්හි ශාරීරික හා මානසික අවශ්‍යතාවයන් තුළින් ඔවුන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම සබැඳිවත් අවධාරණය කළේය.

යුද්ධ හමුදා භටපිරිස්හි විනය හා සබැඳි ප්‍රමිතීන් අඛණ්ඩව හා ඉහළ මට්ටමින් පවත්වාගැනීම පිළිබඳ පැහැදිලි උපදෙස් ලබාදුන් යුද්ධ හමුදාධිපතිතුමන් භටපිරිස් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නියැලීමෙන් වැළැක්වීම, ඒ තුළින් යුද්ධ හමුදාවේ කීර්තිනාමය සහ ගෞරවය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව වැඩිදුරටත් අවධාරණය කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ මඟපෙන්වීම් වලට අනුව අභියෝග හමුවේ යුද්ධ හමුදාව ඉදිරියට ගමන් කරන විට සියලු සාමාජිකයන් සාමූහික වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කරනු ලැබීය.