Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2024 17:01:15 Hours

එක්සත් ජනපද ගුවන් හමුදා යුද විද්‍යාලයේ සිසුන් පිරිසක් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

එක්සත් ජනපද ගුවන් හමුදා යුද විද්‍යාලයේ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන සිසුන් 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්, එම අධ්‍යයන අංශ ප්‍රධානී කර්නල් ඇඩම් හිල්බර්ග් (Colonel Adam Hilburgh) සමඟින් අඟහරුවාදා (මාර්තු මස 05) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි පිරිස පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.සී.එල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එම දූත පිරිස යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකාරන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සමඟින් ‘ඉන්දියානු හා ඉන්දු-පැසිපික් සාගර කාලාපයන් තුල ශ්‍රී ලංකාවේ කාර්යභාරය’ (Sri Lanka’s Role in the Indian Ocean Region and Indo-Pacific) පිළිබඳ සාකච්ඡාවක නිරත විය.

වැඩසටහන අවසානයේදී, මෙරට යුද්ධ හමුදාවේ සුහදතාවය සංකේතවත් කරමින් පැමිණි ධූත පිරිස සමඟින් සමරු තිළිණ හුවමාරුක් සිදුකල අතර, අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

මෙම අවස්ථාවට කොළඹ, ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි සී නෙල්සන් (Lieutenant Colonel Anthony C. Nelson), සහකාර ආරක්‍ෂක උපදේශක සෙත් ඇඩම් නෙවින්ස් මහතා (Mr Seth Adam Nevins) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.