Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2024 14:39:03 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මුලන්කාවිල්, බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඉකුත් සඳුදා (මාර්තු මස 04) දින 10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස්හි සහභාගීත්වයෙන් පැවැත්වූ බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවයට සමගාමීව, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි බලඇණි පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.

පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ පුහුණු පාසලේ ප්‍රධාන උපදේශකතුමන් විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව ප්‍රධාන උපදේශකතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත පුහුණු පාසල පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් කරන ලදී.

අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය භටපිරිස් අමතා, සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වෙමින් ඔවුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.

මෙම අවස්ථාවට 52 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන්, මාණ්ඩලික නිලධාරීන් ද එක්ව සිටියහ.