Header

Sri Lanka Army

Defender of the Nation

05th March 2024 14:35:56 Hours

අභිනවයෙන් ඉදිකළ කායවර්ධනාගාරය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් වෙනුවෙන් විවෘත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ කායවර්ධනාගාරය 2024 මාර්තු මස 02 දින විවෘත කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී විය.

කායවර්ධනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව, මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සුරතින් විවිධ ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂී දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ක්‍රීඩිකාවන් වෙත මූල්‍යමය ත්‍යාගයන් පිරිනමනු ලැබීය. ඒ අනුව, ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් එම බලකායේ ක්‍රීඩිකාවන් 27 දෙනෙකු වෙත මූල්‍ය ප්‍රදානයන් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.