04th March 2024 12:48:34 Hours
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය සඳුදා (පෙබරවාරි මස 19) දින 562 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.
සංචාරයේ නිරත සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞවරවාචාරයන් පුදකළ අතර, අනතුරුව 562 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි.
මෙම සංචාරයන්හිදී, බලසේනාධිපතිතුමන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් සිය බලප්‍රදේශයේ කාර්යභාරය, වගකීම් සහ වත්මන් මෙහෙයුම් කටයුතු පිළිබඳව සේනාංකාධිපතිතුමන් දැනුවත් කළහ. 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක නිරත විය. මෙම සංචාරයේදී, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් පරංගිආරු පාලම, පෙරියතම්පනේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩබිම සහ පාවට්ටිකුලම් වැව නිරීක්‍ෂණය කරන ලදී.
මෙම සංචාරය සඳහා 56 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන් සහ 562 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.