05th March 2024 08:46:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 මාර්තු මස 01 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ සහ ශ්‍රී ලංකා රයිෆල් බලකා සම්බන්ධීකරණ මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.
සංචාරයේ නිරත මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ සහ ශ්‍රී ලංකා රයිෆල් බලකායේ සම්බන්ධීකරණ නිලධාරි කර්නල් ජේ.කේ.එන්.එස්. ජයසිංහ කේඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 1 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.
මෙම සංචාරය අතරතුර, මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එම කඳවුර තුළ දැනට පවතින ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කළ අතර, එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.