Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2024 15:37:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී පසුගිය බදාදා (පෙබරවාරි මස 28) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජී. ජයරත්න කේඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව එතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

කර්නල් ජේ.ඒ.ජී. ජයරත්න කේඑස්පී විසින් පුහුණු පාසලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයන් පිළිබඳව මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී වෙත සවිස්තරාත්මකව දැනුවත් කළේය.

මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී එහිදී පරිපාලන සහකාර පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ භටපිරිස් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතික ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වූ අතර, අනතුරුව එතුමන් රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරන ලදී.

පුහුණු පාසල් පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන්, එම කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක් සිදුකරනු ලැබීය. අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී භටපිරිස් සමඟින් සුහඳ පිළිසඳරක නියැලුනු අතර, අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.