Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2024 16:36:39 Hours

7th Pakistan Army Team Spirit Competition - 2024, තරඟාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට රන් පදක්කමක්

7th Pakistan Army Team Spirit Competition - 2024, තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින රන් පදක්කමක් දිනාගනිමින් ජයග්‍රහණය හිමිකර ගත්හ. මීට පෙරද මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම් රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගැනීමට සමත් වූහ.

2024 පෙබරවාරි මස 25 දින සිට 27 දින දක්වා පාකිස්ථානයේ පැවති මෙම තරඟාවලියට කණ්ඩායම් 22 ක් සහභාගී වූහ. මෙරට නියෝජනය කල කණ්ඩායමට නිළධාරීන් 3 දෙනෙකු සහ සෙසු නිලයින් 8 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන්ගේ සුවිශේෂී දක්‍ෂතා සහ කැපවීම මගින් අනෙකුත් තරඟකරුවන් අභිබවා ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වූහ.