Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2024 16:00:54 Hours

‘Eliyakanda Speed Hill Climb – 2024’ තරඟාවලියෙන් යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

‘Eliyakanda Speed Hill Climb – 2024’ තරඟාවලිය පෙබරවාරි මස 24 සහ 25 යන දිනයන්හිදී මාතර, එලියකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විණි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදෙස් මත ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය, ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනය සහ සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී. එහිදී යුද්ධ හමුදා ධාවකයින් තිදෙනෙකු ශූරතාවයන් හිමිකර ගත්හ.

ඔවුන්ගේ දක්‍ෂතා පහත පරිදි වේ:

කෝප්‍රල් බී.අයි. මධුරංග - 125 cc - 250 cc Speed Trail Bike විවෘත ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් වේගවත්ම සහ දක්‍ෂතම ධාවකයාට හිමි සම්මානය හිමිකරගන්නා ලදී.

කෝප්‍රල් ජේ.එම්.එස්. ජයලත් - SM - Super Motard 250/450 cc විවෘත ඉසව්වෙන් ජයග්‍රහණය හිමිකරගන්නා ලදී.

සාමාන්‍ය සෙබල එල්.බී.ඩී. සෙනෙවිරත්න - SM Super Motard 250/450 cc විවෘත ඉසව්වෙන් ජයග්‍රහණය හිමිකරගන්නා ලදී.