Header

Sri Lanka Army

Defender of the Nation

12th December 2023 18:25:53 Hours

20 ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ජංගම වෛද්‍ය සායනයක්

සායනයක් සහ ඇසේ සුද ඉවත් කිරීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 9 දින පුල්මුඩේ මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය.

මෙම සායනය සඳහා සිවිල් වැසියන් 217 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් අතරින් 56 දෙනෙකුගේ ඇසේ සුද ඉවත්කිරීම සඳහා නිර්දේශ කළ අතර 161 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි භාවිතා කිරීමට ලියාපදිංචි කරවනු ලැබීය. ජංගම අක්‍ෂි සායනය සඳහා වවුනියාව රෝහලේ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය සර්වේශ්වරම් මහතා, වෛද්‍ය නිස්මා රසීක් සහ වෛද්‍ය කජානා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 13 දෙනෙකු විසින් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය අනුග්‍රාහයකත්වය ලබාදුන් අතර වෛද්‍ය ආධාර ද ලබාදුන්හ.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 221 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.