ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත යුද්ධ හමුදා ගෞරවාචාරය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 ජුනි මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විය..
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි මාණ්ඩලික ප්‍රධාන වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලද අතර, පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිව පිළිගනු ලැබීය. අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
හමුදා සම්ප්‍රදායානූකූල උත්සව කටයුතු වලින් පසුව, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් නික්ම යන මාණ්ඩලික ප්‍රධාන සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. මෙම උත්සව අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගි වූහ.