උණුසුම් පුවත්
2025 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ ශූරතාවලිය සාර්ථකව අවසන්
2025 යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ ශූරතාවලියේ සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කිරීමේ උත්සවය 2025 දෙසැම්බර් මස 22 දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පිහිටි සිනො-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගී විය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දියතලාව, සියලු නිල නිවාඩු නිකේතනය විවෘත කරයි
දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද සියලු නිල නිවාඩු නිකේතනය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 22 වන දින විවෘත කරන ලදී.
අපදා සහන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථානු යුද්ධ හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමට ගෞරව
මේජර් මුහම්මඩ් අබ්දුල් මන්නන් ගේ නායකත්වයෙන් 47 දෙනෙකුගෙන් යුත් පාකිස්ථානු යුද්ධ හමුදා සහන කණ්ඩායම දිට්වා සුළි කුණාටුවෙන් පසු සිදු කරන ලද අපදා සහන මෙහෙයුම් වලදී දැක්වූ දායකත්වය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ඇගයිමට ලක් කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී අභිමානවත් පවුර විවෘත කරයි
Lieutenant General Lasantha Rodrigo RSP ctf-ndu
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොඩ්රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 20 දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී අභිමානවත් පවුර නිල වශයෙන් විවෘත කරන ලදී.
psc IG, Commander of the Army, ceremonially unveiled the Wall of Fame at the Sri Lanka Military Academy on 20 December 2025.ශාන්ත මරියා දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සහාය
නත්තල් උත්සවයට සමගාමීව, අවිස්සාවේල්ල ශාන්ත මරියා දේවස්ථානයේ ගරු ටිරාන් පෙරේරා පියතුමන්ගේ ඉල්ලීමකට අනුව, එම දේවස්ථානයේ තීන්ත ආලේප කිරීම සහ වතුර ටැංකිය අලුත්වැඩියා කොට ජල නල පද්ධතියක් එළීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භට පිරිස් විසින් ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු 2025 නොවැම්බර් මස 27 දින සිට දෙසැම්බර් මස 18 දින දක්වා සිදු කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත එම අධිකාරියේ සංකේතය ප්‍රධානය කරයි
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් එස්.පී වික්‍රමසේකර RWP RSP USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 18 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත එම අධිකාරියේ සංකේතය ප්‍රධානය කරයි
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ලැබූ මේජර් ජෙනරල් එම්.එස්.සී පීරිස් RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් 2025 දෙසැම්බර් මස 18 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුභ පැතුම් පිරිනමන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාඨමාලාවන් හදාරන ශිෂ්‍ය නිලධාරින් වෙත ලිපි ද්‍රව්‍ය බෙදා දෙයි
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක -20 සහ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක - 12 හදාරනු ලබන යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් වෙත ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ උත්සවයක් 2025 දෙසැම්බර් මස 17 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨ කාර්ය සම්පාදන ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මේජර් ජෙනරල් එච්.පී.අයි පෙරේරා RWP RSP, 2025 දෙසැම්බර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.
එයාර් ට්‍රැවල් සර්විසස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම පවත්වයි
එයාර් ට්‍රැවල් සර්විසස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 15 වන දින ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.