16th December 2025
එයාර් ට්‍රැවල් සර්විසස් (පුද්ගලික) සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීම යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් 2025 දෙසැම්බර් මස 15 වන දින ගමන් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
එහිදී, එයාර් ට්‍රැවල් සර්විසස් (පුද්ගලික) සමාගමේ මෙහෙයුම් කාර්ය සාධනය, මූල්‍ය කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිබඳව සමාලෝචනය කළ අතර, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන විසින් එම සමාගමේ පාලනය, වගවීම සහ සේවා ප්‍රමිතීන් පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සමාගමේ කාර්ය සාධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන වශයෙන් තීරණ කිහිපයක් ගන්නා ලදී.