17th December 2025
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක -20 සහ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක - 12 හදාරනු ලබන යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිලධාරින් වෙත ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ උත්සවයක් 2025 දෙසැම්බර් මස 17 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම උත්සවය අතරතුරදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව ශිෂ්‍ය නිලධාරින් 12 දෙනෙකු වෙත ලිපි ද්‍රව්‍ය ලබා දුන් අතර, ඒ සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලා අංක -20 හි ශිෂ්‍ය නිලධාරින් හත් දෙනෙකු සහ භඨකාර්ය සම්පාදන මාණ්ඩලික පාඨමාලා අංක - 12 හි ශිෂ්‍ය නිලධාරින් පස් දෙනෙකු ඇතුළත් වූහ. ඉතිරි ශිෂ්‍ය නිලධාරින් 91 දෙනා සඳහා ද ලිපි ද්‍රව්‍ය බෙදා දීමට නියමිතව ඇති අතර, බෙදා දෙන ලද සම්පූර්ණ ලිපි ද්‍රව්‍යවල වටිනාකම රු. 1,766,902.00 කි.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රැස්ව සිටි ශිෂ්‍ය නිලධාරින් පිරිස අමතමින් ඔවුන් දිරිමත් කරමින් විශිෂ්ට අධ්‍යාපන ජයග්‍රහණයේ සහ වෘත්තීය සංවර්ධනයේ වැදගත්කම අවධාරණය කරන ලදී. මෙම අවස්ථාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ පළමු වරට පුහුණු පාඨමාලාවන් සඳහා සහභාගිවන්නන් වෙත ලිපිද්‍රව්‍ය බෙදා දුන් අවස්ථාවක් වූ අතර, එමඟින් ඔවුන්ගේ අධ්‍යාපනික පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණ විය.