2019-08-24 12:23:03
යුදබිමේදී තිබූ සහෝදර සබඳතා සහ සාමූහික වගකීම සිහිපත් කරමින් නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මිය එතුමන්ගේ දියණියන් ද සමඟ අද (23) දින උදෑසන ආබාධිතව ප්‍රතිකාර ලබමින් විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් සොයාබැලීම සඳහා රණවිරුවන් 50 කට වැඩිපිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරෙහි සංචාරයක නිරත විය.
2019-08-21 10:21:22
23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අගෝස්තු මස 21 වන බදාදා දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සාම්ප්‍රදායික හමුදා ගෞරවාචාර, ආගමික ආශීර්වාද සහ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කරන ලදී.
2019-08-20 12:29:56
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී අද (20) දින උදෑසන පැවති අභිමානවත් උත්සවයේදී 22 වන යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි කළ ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව නව යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සංකේතාත්මකව යෂ්ටිය පිරිනමමින් යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරදෙනු ලැබීය.
2019-08-19 13:28:54
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2019 අගෝස්තු මස 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කර ඇත.
2019-08-17 07:55:42
විශේෂ බලකා රෙජිමේන්තු දිවයිනේ ස්වෛරීත්ය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිදු කරන ලද අභිත මෙහෙවර වෙනුවෙන් ජනාධිපති ‘රණ පරශුව’ සම්මානය සහ රෙජිමේන්තු ‘රණ පරශුව’ සම්මානය ප්රදානය කිරීම සිකුරාදා (16) දින නාඋල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ද සහභාගීවිය.
2019-08-10 12:21:22
ශ්‍රී ලංකා - රුසියානු හමුදාවන් අතර පවත්නා ද්වීපාර්ශ්වික හමුදාමය සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය වෙත කරනු ලැබූ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අගෝස්තු මස 3 සිට 5 දින දක්වා රුසියාව තුල තෙදින සංචාරයක නිරත විය.
2019-08-09 13:06:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වඩාත් ගෞරවණිය රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් අගයමින් ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බිෂොප් විද්‍යාල ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් ‘වර්ණ රාත්‍රියක්’ පවත්වනු ලැබීය.
2019-08-07 18:18:14
වසර 23 ක ඉතිහාසයකට උරුමකම් ඇති වවුනියාව ප්‍රදේශයේ ස්ථානගත 3 වන විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ස්ථාපිත කරන ලද නවීන දේශන ශාලාව, දිගුදුර මෙහෙයුම් කෞතුකාගාරය, නවීන පන්නයේ පුහුණුවීම් සඳහා යොදාගත හැකි පන්ති කාමරයක් ඇතුලත් සමාකෘති ගොඩනැගිල්ල සහ භූගත වෙඩිපිටිය ඇතුලත් කුසලතා වර්ධන පුහුණු සංකීර්ණය ඉකුත් අඟහරුවාදා (07) දින උදෑසන සුභ මොහොතින් විවෘත කරනු ලැබීය.
2019-08-01 18:11:18
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපතිතුමන් ලෙස නවතමයෙන් පත් වූ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් එම ධූරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු නිල සංචාරය ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි අතර එහිදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.
2019-07-31 18:19:05
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සංකල්පයකට අනුව, වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් කටයුතු සඳහා කොළඹට පැමිණෙන සෙසුනිලයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අවම මිලකට නවාතැන් පහසුකම් සැපයීමේ අරමුණින් කොළඹ යුද්ධ හමුදා රෝහල ආසන්නයේ පිහිටි මැනිං ටවුන් යුද්ධ හමුදා නිවාස සංකීර්ණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අංගසම්පූර්ණ නිවාඩු නිකේතන දෙකක් අද (31) දින උදෑසන විවෘත කරනු ලැබීය.