2020-03-03 12:53:34
නව යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පිළිබඳ වඩාත් පරිසර හිතකාමී දසුනක් මහජනතාවට ඉදිරිපත් කිරීමටත් පරිසරය ජනතාවට හිතකර අයුරින් සකස් කිරිම සඳහාත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ‘තුරු මිතුරු නව රටක්’ ප්‍රජා ව්‍යාපෘතියේ 3 වන අදියර යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අද (3) දින උදෑසන දියත් කරමින් පරිසරය අලංකාරවත් කිරීමේ රුක් රෝපණ ව්‍යාපෘතියක් සමගින් මහජනතාව වෙනුවෙන් ඉදිකළ ශරීර සුවතා මන්තීරුව සහ....
2020-03-02 19:06:44
යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ පනාගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය අද (02) දින උදෑසන විවෘත කරන ලදී.
2020-02-29 17:35:55
මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බරට ආසන්නයේ පිහිටි උඩපිටිවල දර්ශනීය කඳුකර භූමිභාගයක ඉදිකරනු ලැබූ නව උඩුදුම්බර ‘සමත විදර්ශනා’ භාවනා මධ්‍යස්ථානය අද (29) දින උදෑසන පැවති ආගමික උත්සවයකදී මහා සංඝරත්නය වෙත භාරදෙනු ලැබූ අතර එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ, අස්ගිරි මහනායක හිමියන්, අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමින් වහන්සේ, අස්ගිරිය...
2020-02-27 06:42:58
රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්, ආබාධිත රණවිරුවන් මෙන්ම සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ පවුල්වල සිසු සිසුවියන් සඳහා සුජීවා නෙල්සන් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිදුකරනු ලබන සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් අධ්‍යාපනය හදාරනු ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පොස. සා/පෙළ විභාගය සහ අ.පොස. උ/පෙළ විභාගය ඉහළින් සමත් සිසු සිසුවියන් දිරිගන්වමින් රුපියල් මිලියන 3.5 කට වඩා වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් බදාදා (26) දින සන්ධ්‍යාවේ කොළඹ 2 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2020-02-24 12:39:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සැම්බියන් යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශවික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) ශ්‍රී ලංකාවේ සිදුකරන පස්දින නිල සංචාරය අතරතුර අද (24) දින උදෑසන වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයට පැමිණියේය.
2020-02-22 19:17:43
නිදන්ගත වකුගඩු රෝගය සහ පිළිකා රෝගය ඇතිවීමේ ප්‍රවණතාව සාපේක්ෂව ඉහළ යාම හේතුවෙන් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව දිවයිනේ ප්රමුඛ පෙළේ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය තාක්ෂණික විශේෂඥතාව, ඉංජිනේරු තාක්ෂණය සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් ලොව ප්‍රථම පරිසර හිතකාමී රෝග නිවාරණ රෝහල අනුරාධපුරයේ ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර ඇත.
2020-02-19 19:09:37
ඇමරිකා එක්සත් ජනපදය විසින් යුද්ධ හමුදාධිපතිට සහ එතුමන්ගේ පවුලේ අයවළුන්ට එරෙහිව පනවා ඇති ගමන් තහනම පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් අද (19) දින නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
2020-02-18 15:29:38
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) දින උදෑසන කොළඹ දී ලොවපුරා පවත්වනු ලබන ‘CISM මාර්ග ධාවනයට’ සමගාමීව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 250 කට අධික පිරිසක් සහභාගි වූහ.
2020-02-17 18:54:42
කොස්ගම ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ සිදු කරමින් පවතින සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලීමේ අරමුණින් අද (17) දින උදෑසන එම මූලස්ථානය වෙත සපැමිණි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානූකූල පිරිනමනු ලැබූ කඳවුරු සම්මාන මුරය පසුකරගෙන යනු ලැබීය.
2020-02-14 21:02:58
මාරාන්තික කොරෝනා වෛරසය (Covid-19) චීනයේ සීඝ්රයෙන් පැතිරයාමත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාලෝචිත මැදිහත්වීමෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙනවිත් නීරෝධායනය කිරීමේ ජාතික ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා දායක වූ 150 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (14) දින මධ්‍යහනේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව සියළුම පාර්ශවකරුවන්ට ස්තූතිය පුද කළහ.