2020-06-27 18:10:58
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (27) දින උදෑසන මහනුවර ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර මල්වතු පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගලාභිදාන හිමිපාණන් සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතනාභිදාන හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් තුරන් කිරීම සඳහා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින්...
2020-06-26 14:51:13
යුද්ධ හමුදා නවෝත්පදනයන්ට නව සන්ධිස්ථානයක් එක්කරමින්, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද යුනිකෝන්/යුනිබෆල් රථ 9 ක්, ආපදා රථයක් සහ මෙරටට ආනයනය කරන ලද වාහන අමතර කොටස් බහාලුම් 03 ක් බටහිර අප්‍රිකාවේ, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවා සිටින ශ්‍රී ලාංකික සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ (Combat Convoy Company) පරිහරණය සඳහා යැවීමට නැව්ගත කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
2020-06-24 14:25:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2020 සිට 2025 වර්ෂය දක්වා ඉදිරි මාවත සකස් කිරීමේ’ වැඩපිළිවලේ කොටසක් ලෙස තෙදිනක් පුරා පැවැතිවීමට නියමිත ‘බලසේනාධිපතිවරුන් පුහුණු කිරීමේ වැඩමුළුව’ අද (24) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරම්භ කෙරිණි.
2020-06-22 22:12:37
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව මාස කිහිපයක් තුළ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් යුද්ධ හමුදා මූලස්ථානය අවට වටපිටාව පරිසර හිතකාමී ලෙස අලංකාරවත් කර මහජනතාව වෙනුවෙන් ශාරීරික යෝග්‍යතා මංතීරු සහිතව ඉදිකර සාර්ථකව නිම කරන ලද තවත් ව්‍යාපෘතියක් සඳුදා (22) දින නාගරික සංවර්ධන සභාපති, ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂාන් ද සිල්වා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ උත්සවයකදී සොබාදහමට ආදරය කරන මහජනයා වෙනුවෙන් විවෘත කෙරිණි.
2020-06-20 23:50:06
සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර රුවැන්වැලි මහා සෑරඳුන් අභිමුවදී සෙනසුරාදා (20) දින උදෑසන ආගමික වතාවත් සහ ආශිර්වාද පිංකමක් පැවැති අතර ඒ සඳහා අනෝමා රාජපක්ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන්, හිටපු අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්, ගරු නාමල් රාජක්ෂ මැතිතුමන් ඇතුළු ඥාතීහිතමිත්රාදීන් රැසක් සහභාගි වූහ.
2020-06-17 18:45:22
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ ආරක්ෂක නියෝජිතයින් වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති, ජාතික බුද්ධි අංශ ප්‍රධානී සී.ඩී වික්‍රමරත්න, යාපනය, මුලතිව් සහ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරුන්, උතුරේ නියෝජ්‍ය පොලිස්පති සහ තවත් නිලධාරීන් පිරිසක් අද (17) දින උදේ යාපනයේ ආරක්ෂක තත්ත්වය සහ කොවිඩ් 19 වෛරසය පිළිබද කාලීන සාමාලෝචනයක නියැළුනහ.
2020-06-15 17:13:22
කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා හමුදා වෘත්තීමයභාවය ඉහළ නංවන කීර්තිමත් ශාස්ත්රලීය ආයතනයක් වන බුත්තල හි පිහිටි නිලධාරී ප්‍රවර්ධ ප්‍රගමන මධ්‍යස්ථානය වෙත අද (15) දින සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවට උණුසුම් අයුරින් රතු පලස් මතින් පිළිගනු ලැබීය. එතුමන් පසුගිය වසරේ යුද්ධ හමුදාධිපති ධූරයට පත් විමෙන් පසු නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධ මධ්‍යස්ථානයේ සිදු කළ ප්‍රථම නිල සංචාරය මෙය වේ.
2020-06-10 14:24:31
COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණයට අනුව නව්‍යකරණය කරන ලද මානව කේන්ද්‍රීය වෛද්‍ය විද්‍යාත්මක නවෝත්පාදන උපකරණ 29 ක්, ඉතා කෙටි කාලයක් තුළ එකම ස්ථානයක් තුළින් නිෂ්පානදය කර ඉකුත් බදාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී ප්‍රදර්ශනය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොවිඩ් 19 වෛසරය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහභාගී වූහ.
2020-06-05 23:19:21
දිවයින පුරා කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා අනගිභවනීය කාර්යභාර්යක් ඉටු කළ සියලුදෙනාට ආශීර්වාද එක් කරමින් ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් සංවිධානය කරන ලද ‘දෙරණාභිවන්දනා’ කෘතවේදීත්වයේ පිංකම අද (05) දින සන්ධ්‍යාවේ ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභිමුවදී පැවැත්වීණි.
2020-06-04 11:31:40
වෙසක් උත්සවය හැරුණු කොට වසරේ දෙවන බෞද්ධ සැමරුම් උළෙල වන පොසොන් පුර පසොලොස්වක පොහෝ දින වැදගත්කම වෙත ප්රමුඛත්වයක් ලබාදෙමින් බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය අසල සිට යුද්ධ හමුදා මූලස්ථානය දක්වා පිවිසෙන මාර්ගයේ යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් වර්ණවත් පහන් කූඩුවලින් අලංකාරවත් වූ ‘පොසොන් කලාපය’ ඉකුත් බදාදා (03) දින සන්ධ්‍යාවේ ආලෝකවත් විනි.