Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • යුද්ධ හමුදාධිපති කූරගල ලෙන් විහාරයේ සංචාරයක

    2021-04-11 07:25:02

    යුද්ධ හමුදාධිපති කූරගල ලෙන් විහාරයේ සංචාරයක

    දිගු කාලයක් පුරාවට විවිධ ජනකොටස් අතර කතාබහට ලක්ව ඇති බලංගොඩ පූරගල රජමහා විහාරය හෙවත් කූරගල ලෙන් විහාරය නව මුහුණුවරකින් යලි ගොඩනැඟීමේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය දා එම විහාරස්ථානයේ සංචාරයක නිරත වූයේය. විවිධ ජන කොටස්වල අවධානය යොමුවී ඇති මෙම විහාරස්ථානය සහ එම ස්ථානය සෑම ජන කොටසකගේම දායකත්වය ඇතිව බෞද්ධ විහාරස්ථානයක් වශයෙන් ප්‍රතිසංස්කරණය...

  • මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා පිටත්වන 3 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ගෞරවය පිරිනමයි

    2021-04-08 15:19:36

    මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා පිටත්වන 3 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය  යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ගෞරවය පිරිනමයි

    මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය (Combat Convoy Company) බ්‍රහස්පතින්දා (8) දින උදෑසන කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමීය.

  • ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සහ සුනඛ හැසීරවීමේ පාඨමාලාව සාර්ථකව හැදෑරු තවත් කමාන්ඩෝ භටයින් පිරිසක් විසිරයති

    2021-04-08 11:20:48

    ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සහ සුනඛ හැසීරවීමේ පාඨමාලාව සාර්ථකව හැදෑරු තවත් කමාන්ඩෝ භටයින් පිරිසක් විසිරයති

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට තවත් අභිමානයක් එක්කරමින්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හා ප්‍රථිත්‍රස්ත පාඨමාලා අංක 28 සාර්ථකව හැදෑරු කමාන්ඩෝ භටයින් 56 දෙනෙකු සහ උසස් සටන් සුනඛ පාඨමාලා අංක - 09 සාර්ථකව හැදෑරු කමාන්ඩෝ භටයින් 32 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය බදාදා (07) දින සන්ධ්‍යාවේ ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

  • විශ්‍රාමික යුද ප්‍රවිණයන්ගේ ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ පළමු අදියර නිමාවේ

    2021-04-06 12:17:10

    විශ්‍රාමික යුද ප්‍රවිණයන්ගේ ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ පළමු අදියර නිමාවේ

    යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කරදීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්‍ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම සඳහා ප්‍රථම වරට සංවිධානය කළ ‘M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව සහතිකපත් පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය ප්‍රධානය කිරීමේ උත්සවය ඇක්සස් ටවර් (ACCESS Tower) හීදි සඳුදා (05) දින පවත්වනලදී.

  • පාකිස්තාන හමුදාව සමඟ පැවැති ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය සාලියපුරදී සාර්ථකව අවසන් වේ

    2021-03-31 10:53:55

    පාකිස්තාන හමුදාව සමඟ පැවැති ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය සාලියපුරදී සාර්ථකව අවසන් වේ

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පුරා දින 15 කට අධික කාලයක් පැවැති ‘Shake Hands - 1’ යුද අභ්‍යාසයේ අවසන් නිදර්ශනය අද (30) දින සන්ද්‍යාවේ සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

  • යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පාකිස්තාන ජනාධිපති ද්වීපාර්ශ්වික සම්බන්ධතාවල වැදගත්කම අවධාරණය කරයි

    2021-03-20 09:19:30

    යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පාකිස්තාන ජනාධිපති ද්වීපාර්ශ්වික සම්බන්ධතාවල වැදගත්කම අවධාරණය කරයි

    පාකිස්තාන යුද්ධ හමුදාධිපති ජෙනරල් ජාවඩ් බජ්වා (Javed Bajwa) ගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස පාකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය (19) දින පාකිස්තානය වෙත ගියේය. සංචාරයේ නිරත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ පාකිස්තාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි (Arif Alvi) අතර සුහද හමුවක් ද එරට ජනාධිපති මන්දිරයේදී පවත්වන ලදී.

  • ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය පාකිස්තාන හමුදාව සමඟ සාලියපුරදී ඇරඹේ

    2021-03-17 18:37:33

    ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය පාකිස්තාන හමුදාව සමඟ සාලියපුරදී ඇරඹේ

    'අභ්‍යන්තර ආරක්‍ෂාව සහ ප්‍රති විප්ලවවාදී යුද උපක්‍රම’ පිළිබඳ නවීනතම යුද අභ්‍යාසය වන ‘Shake Hands - 1’ යුද අභ්‍යාසය බහුවිධ කුසලතා සහිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ පකිස්තාන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (17) දින උදෑසන සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් සංකල්පීය මඟපෙන්වීම මත මෙම අභ්‍යාසය ද්වීපාර්ශවීය පුහුණු වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලදී.

  • සාර්ථකත්වය සඳහා ‘විනය’ දායක වන අයුරු යුද්ධ හමුදාධිපතිතුමන් පහදයි

    2021-03-16 17:57:46

    සාර්ථකත්වය සඳහා ‘විනය’ දායක වන අයුරු යුද්ධ හමුදාධිපතිතුමන් පහදයි

    35 වන ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සම්මේලනය (International Chartered Accountants Students’ Conference) අඟහරුවාදා (16) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මේ සඳහා වරලත් ගණකාධිකාරීවරුන් 100 කට වැඩි පිරිසකගේ සහ වරලත් ගණකාධිකාරී සිසුන් ගේ සහභාගී වූ අතර සම්මේලනය කොළඹ කින්ග්ස්බරි හෝටලයේදි පැවැත්විණ...

  • යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර සංචාරයක

    2021-03-12 22:05:00

    යුද්ධ හමුදාධිපතිතුමන් නැගෙනහිර සංචාරයක

    ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (12) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවෙමින් නැගෙනහිර පළාතේ සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරු සහ අණදෙන නිලධාරීන් හමුවිය.

  • සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙනේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල යුද්ධ හමුදාධිපති සුරතින් විවෘත කෙරේ

    2021-03-12 11:54:35

    සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙනේ ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල යුද්ධ හමුදාධිපති සුරතින් විවෘත කෙරේ

    සෙල්ල කතරගම ශ්‍රී ධර්ම නිකේතන පිරිවෙන් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ දෙමහල් ගොඩනැගිල්ල පසුගිය බ්‍රහස්පතින්දා (11) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කළේය.