2021-10-04 06:52:12
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාවක් සෙනසුරාදා (02) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2021-09-30 06:46:53
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 11 වන වරටත් සංවිධානය කරනු ලැබු ‘දියකාවා ඒකාබද්ධ යුද අභ්‍යාසයේ’ අවසන් ප්‍රහාරය විශේෂ ක්‍රියාන්විත හා යුධ උපක්‍රම භාවිතා කරමින් සැප්තැම්බර් මස (29) දින මධ්‍යහනේ ත්‍රිකුණාමලය, කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේදී දියත් කෙරිණි.
2021-09-28 09:10:36
‘ජාතියේ ආරක්ෂකයින්’ ලෙස ඉමහත් ප්‍රශාංසාවට සහ ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයට (ඔක්තේබර් මස 10 දින) ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ සමාරම්භක ආගමික උත්සවය ඉකුත් සඳුදා (27) දින සන්ධ්‍යාවේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික, පාරිභෝගික සහ උද්දේසික යන ධාතූන් වහන්සේලා බැතිමතුන්ට වන්දනාමාන කිරීම උදෙසා තැන්පත් කර ඇති ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
2021-09-25 08:32:44
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වෛද්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (24) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී තවත් එක් සාකච්ඡාවක් පැවැත්විණි.
2021-09-23 15:38:18
බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නවීන පහසුකම් වලින් යුත් මහල් පහකින් සමන්විත නව කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය අද (23) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
2021-09-12 20:07:25
යුද්ධ හමුදා භටපිරිස් විසින් දියත් කරනු ලබන දියකාවා යුද අභ්‍යාසයේ තවත් එක් පුහුණු අදියරක් ඉකුත් ඉරිදා (12) දින කොළඹ වරාය පරිශ්‍රයේ දියත්කරනු ලැබු අතර, එහිදි නැගෙනහිර ආසියානු විමුක්ති සටන්කාමීන් (East Asian Liberation Fighters') සමඟ යුද්ධ හමුදා භටපිරිස් දියත් කළ ඉතා සැලසුම් සහගත ක්‍රියාන්විතයකින් අනතුරුව වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සිර කරගෙන සිටි කොන්කෝඩියා හි ධීවර හා වරාය ඇමතිවරයා සතුරන්ගෙන් මුදවා ගැනීමට භටපිරිස් සමත්වූහ.
2021-09-08 15:22:43
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් සමගින් නව ලෝක වාර්ථාවක් පිහිටවූ දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම් දිනා ගත් දුලාන් කොඩිතුවක්කු ඇතුලු ක්‍රීඩකයින් දිවයිනට පැමිණීමෙන් පසු අද (8) දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පිහිටි ක්‍රීඩා අමාත්‍යංශයේදී ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ගරු සේනුක විදානගමගේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ අමාත්‍යංශ නිලධාරීන් පදක්කම්ලාභීන් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සමග සුහඳ පිළිසඳරක නිරත වූහ.
2021-09-05 16:19:52
නාවුල පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල නව ගොඩනැගිලි සංකීර්ණය සහ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නය අද (05) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
2021-09-02 16:48:54
පනාගොඩ පිහිටි ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල මහල් 5 කින් සමන්විත නව නිලධාරී නිවස්න සංකීර්ණය අද (02) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී විවෘත කෙරිණි.
2021-08-30 15:41:30
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත කොවිඩ්-19 වෛරසය ආසාදිත භික්ෂුන් වහන්සේලාට ප්‍රතිකාර සිදුකිරීම සඳහා ස්ථාපනය කළ නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය මහා සංඝරත්නය වෙත පූජාකිරීමේ උත්සවයේදී...