2022-01-30 17:13:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ගේ සහභාගීත්වයෙන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වන ලෙබනන් සාමසාධක මෙහෙයුම් කණ්ඩායමේ විසිරයෑමේ පෙළපාලිය ඉරිදා (30) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති අතර එහිදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමූහ.
2022-01-30 00:25:47
‘ස්නයිපර්වරුන්ගේ නිවහන’ ලෙසින් ප්‍රචලිත දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ හි සම්මාන ප්රදානෝත්සවය සෙනසුරාදා (29) දින පස්වරුවේ පැවැත්විණි.
2022-01-27 10:15:59
ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව මහානායක සහ අනුනායක හිමිවරුන් ප්රමුඛ දිවයිනේ නන් දෙසින් වැඩමවා වදාල දහසකට අධික මහා සංඝරත්නය බදාදා (26) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ‘ජය පිරිත්’ සඡ්ඣායනා කර සියලු රට වැසියන්ටත් රටේ සමෘද්ධිය සහ යහපැවැත්ම උදෙසාත් ආශිර්වාද එක් කළහ.
2022-01-22 15:45:53
සන්නද්ධ බුද්ධි බළකායේ 29 වැනි සංවත්සර සැමරුම සහ සන්නද්ධ බුද්ධි බළකායේ යුද්ධයෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන්ගේ ගුණානුස්මරණය කිරිම අද (21) දින අම්බලන්ගොඩ කරන්දෙණියේ පිහිටි සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථානයේදී පවත්වන ලදී.
2022-01-19 17:32:56
මේ දිනවල ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරතව සිටින බංගලාදේශ නාවික හමුදා ප්‍රධානි අද්මිරාල් එම්. ෂහීන් ඉක්බාල් (Admiral M. Shaheen Iqbal) බදාදා (19) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
2022-01-16 22:45:47
කූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු සහ පුරාවස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඉරිදා (16) දින සන්ධ්‍යාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමඟින් ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. බලංගොඩ හෝමෝ සේපියන්ස් ප්රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේ...
2022-01-13 15:30:01
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංකල්පයකට අනුව ‘සමකාලීන ලෝකයේ හමුදා නායකත්වය: රණශූරයෙකුගේ සිට අවශ්‍ය මිතුරෙකු දක්වා පරිනාමය වීම’ යන තේමාව ඔස්සේ ත්‍රිවිධ හමුදාවන්හී මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින් වෙනුවෙන් එක්දින සම්මන්ත්‍රණයක් අද (13) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
2022-01-05 20:46:44
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත දීපව්‍යාප්ත කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මුලිකත්වය ගෙන කටයුතු කිරීමට පසුගියදා රාජගිරිය ප්‍රදේශයේ ආරම්භ කරන ලද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද (05) දින පස්වරුවේ ප්‍රථම සාකච්ඡාව පැවැත්විණි.
2022-01-03 14:55:45
ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (3) දින පෙරවරුවේ රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීම සහ නව අවුරුදු සුබපැතුම් හුවමාරු කරගනිමින් නව වසරේ වැඩ කරන පළමු දිනය ආරම්භ කරන ලදී.
2022-01-01 00:57:54
උදාවන 2022 නව වසරටත් රටටත් ආශිර්වාද එක්කිරීමේ ආශිර්වාද පූජාවක් ඓතිහාසික කතරගම පුදබිමේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (31) දින සන්ධ්‍යාවේ පැවැත්විණි.