2024-05-13 19:48:52
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 මැයි මස 07 සහ 09 දිනයන්හි 512, 513 පාබල බලසේනා සහ එම බලසේනා යටතේ ස්ථාපිත එකකයන් වෙත නිල සංචාරයක නිරත විය.
2024-05-13 19:42:51
54 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 541 පාබල බලසේනාවේ ඒකකයන් හි සේවයේ නියතු භටපිරිස් වෙනුවෙන් 2024 මැයි මස 06 දින සිට 2024 මැයි මස 11 දින දක්වා මූලික වෛද්‍ය පාඨමාලාවක් පවත්වන ලදී.
2024-05-13 19:38:59
කිරිඳිවැල, කුට්ටිවිල ප්‍රදේශයේ පදිංචි අසරණ පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයක් 2024 මැයි මස 09 දින පැවැත්විය.
2024-05-13 19:35:26
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 මැයි මස 07 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ධූරයේ රාජකාරි භාරගත්තේය.
2024-05-13 19:32:37
පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී එම සේනාංකයේ පැවති උත්සවයකදී 2024 මැයි මස 11 දින ආගමික වතාවත් මධ්‍යයේ 20 වන සේනාංකාධිපති ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-05-13 19:29:54
සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ ආර්එස්පී පීඑස්සී එම ආයතනයේ පැවති කෙටි උත්සවයකදී 2024 මැයි මස 10 දින 15 වන සේනාවිධායකවරයා ලෙස ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
2024-05-13 19:27:18
4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ 37 වන සංවත්සර දිනය එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් පී.කේ වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 29 දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පැවැත් වූහ.
2024-05-11 17:33:03
‘Ride with Pride’ පාපැදි සවාරිය 2024 අප්‍රේල් මස 28 දින ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වූ අතර යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ අත්පොලසන් හඬ මධ්‍යයේ 2024 මැයි මස 11 දින කිලෝමීටර් 1247 ක දුරකින් යුක්ත වූ එම පාපැදි සවාරිය ගාලුමුවදොර පිටියේදී සාර්ථකව අවසන් විය.
2024-05-10 16:18:29
රණවිරු ඇපරල් කළමණාකරණ අධ්යක්ෂ මණ්ඩල සාකච්ඡාව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ ප්‍රධානත්වයෙන් 2024 මැයි මස 3 දින පැවැත්විණි.
2024-05-10 16:15:01
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2024’ හි ත්‍යාග ප්‍රධානෝත්සවය කලත්තෑව, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 03 දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී සහභාගී විය.