2023-09-06 18:34:58
ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයින් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යාපනය, ශික්ෂණ රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් පසුගියදා පැවැත්වීය.
2023-09-06 18:23:26
කලාඔය ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස්හි සම්බන්ධිකරණය මත දානපතියන්ගේ අනුග්‍රාහකත්වයෙන් කලාඔය, මූනමල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 30 දෙනෙකු සඳහා පාසල් උපකරණ ප්රදානය කිරීමේ වැඩසටහනක් මූනමල්ගස්වැව ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 02) දින පවත්වනු ලැබීය.
2023-09-06 11:40:58
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය බලප්‍රදේශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙක් ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් දින 12 ක් තුළ කිලෝමීටර 578 ක දුරකින් සමන්විත යාපනය, පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පා ගමනක් ඉකුත් අඟහරුවාදා (සැප්තැම්බර් 5) දින ආරම්භ කරනු ලැබීය.
2023-09-05 23:31:53
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ එම රෙජිමේන්තු සේවා...
2023-09-05 23:15:36
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකය වෙතින් ලෝක පොල් වගාකිරීමේ දිනයට සමගාමීව ආර්ථීක අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන් 300 දෙනෙකු වෙත පොල් පැළ 1850 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 3) දින පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි.
2023-09-05 23:11:40
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 1) දින ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-09-05 23:07:57
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වන නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන බ්‍රිගේඩියර් එස්.එන් සේමගේ යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (අගෝස්තු 31) දින වේරහැර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-09-04 19:23:49
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ ‘Chesnut...
2023-09-04 19:20:49
දෙවුන්දර තුඩුවෙන් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 29) දින ආරම්භ වූ ‘Ride with Pride’ සුහද පාපැදි සවාරිය...
2023-09-04 19:16:18
ඔලිම්පික් ජූඩෝ කමිටුවේ අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ආධුනික...