2023-09-11 19:46:23
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල...
2023-09-11 19:40:13
යාපනය අර්ධද්වීපයේ උඩුවිල් ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් 51 පාබල සේනාංකයේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක පාර්සල් 50 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. විදේශගතව සිටින මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත පසුගිය බදාදා (සැප්තැම්බර් මස 6) දින මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණී.
2023-09-11 19:18:10
2020 වසරේ සේවයේ නියුතුව සිටියදී අඟුරුවැල්ල ප්‍රදේශයේදී රිය...
2023-09-11 19:10:39
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම විශ්‍රාමික නිලධාරියා වන මේජර් ජෙනරල් ජාලිය නම්මුනි ආර්එස්පී වීඑස්වී යූඑස්පී (විශ්‍රාමික) ප්රමුඛ එම රෙජිමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුවක් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 6) දින අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-09-09 22:13:48
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 8) දින අයියකච්චි, මුහාවිල් ප්‍රදේශයේ කොහු මෝලක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට සිය දායකත්වය දැක්වූහ.
2023-09-09 22:09:47
නාවුල ප්‍රදේශයේ ස්ථාපිත විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ 14 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසි පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 07) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයකදී දූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-09-09 22:03:54
අයහපත් කාලගුණික තත්ත්වයෙන් වනාතමුල්ල ඇතුළු කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් 14 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 03) දින වනාතමුල්ල ප්‍රදේශයේ අවතැන් වූ ජනතාවට පිසූ ආහාර බෙදාදෙනු ලැබීය. මෙම වැඩසටහනේදී, ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නිවෙස්වලින් පිටතට යාමට නොහැකිව සිටි පවුල් 08 ක සාමාජිකයින් 47 දෙනෙකු වෙත ආහාරපාන පිරිනැමීම සිදුකෙරිණි.
2023-09-09 22:00:21
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී භඨකාර්ය සම්පාදන ඒකකයන්හි අණදෙන නිලධාරින් හමුවීමේ අරමුණින් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ සංචාරයක නිරතවිය.
2023-09-09 21:56:52
හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ ඉල්ලීමකට අනුව එම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක නායිකාවන් 119 දෙනෙකු වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරනු ලැබූ පූර්ණ දින නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (07) දින මත්තේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-09-09 21:52:23
පසුගිය දා දූරයේ රාජකාරි කටයුතු භාරගත් 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සිය බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හි සුවදුක් විමසා බැලීමේ අරමුණින් අගෝස්තු මස 24, 25 සහ 31 තෙදින තුළ 611, 612, 613 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.