2023-04-06 09:15:25
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ ඒකක සංචාරයේ සිව්වන අදියර වශයෙන් භටපිරිස්හි සුවදුක් විමසීමේ අරමුණින් පනාගොඩ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානය, දෙල්ගොඩ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානය සහ කැලණිමුල්ලේ ස්ථාපිත 2 වන (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථානයන් වෙත මාර්තු මස 28 වන දින සංචාරයන් සිදුකරන ලදී.
2023-04-04 17:30:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය යටතේ පාලනය වන රිදියගම සහ ඉරණමඩු ගොවිපලේ අක්කර 20 කට වැඩි භූමි ප්‍රමාණයක් තුළ මහ කන්නයේ වී අස්වනු නෙලීමේ සහ අනෙකුත් කාලීන භෝගයන්හි අස්වැන්න නෙලීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතී.
2023-04-02 22:03:57
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් සිය (Lieutenant Colonel Puneet Sushil) උතුරු පළාත් සංචාරය අතරතුර ඉකුත් සිකුරාදා (31) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව්හි සංචාරය කළේය.
2023-04-02 22:01:34
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි මාර්තු මස 21 සහ 22 දෙදින තුළ 23 වන පාබල සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සංචාරයක නිරත වූවේය.
2023-04-02 21:54:28
68 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි පසුගිය සඳුදා (මාර්තු මස 13) දින පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.ජී.ඩබ්ලිව්.එම්.එස්.පී විජේකෝන්ගේ ආරාධනයකට අනුව එම ඒකකයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2023-04-01 20:20:57
විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභිමානවත් 33 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2023 මාර්තු මස 22 දින බෝයගනේ ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වර්ණවත් සංවත්සර සැමරුම් උත්සවයක් පැවති අතර එම අවස්ථාව සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
2023-04-01 19:27:27
වර්ෂ 1963 දී යුද්ධ හමුදාවට බැඳී 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල්වරයෙකු ලෙස සේවය කළ සම්මානනීය ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා සෙනසුරාදා (01) දින පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
2023-04-01 18:59:04
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය දා මහනුවර ප්‍රදේශයේ ස්ථාපිත 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය.
2023-04-01 18:55:44
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 30) දින පාලන පරීක්ෂාවක් සඳහා පොල්හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත විය.
2023-03-30 22:49:01
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් දර්ශන විජේසේකර 2023 මාර්තු මස 24, 27 සහ 28 තෙදින තුළ වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය බොරැල්ල ප්‍රදේශයේ පිහිටි...