2020-09-22 10:38:01
2 වන ලෝක යුද්ධයට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් සඳුදා (21) දින කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී ‘ජයග්‍රහණය සහ සාමය’ (Victory & Peace) තේමාව යටතේ පැවති චිත්‍ර ප්‍රදර්ශන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.
2020-09-18 17:30:04
වැහැර පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු මුලස්ථානයට ආසන්නයේ හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථාන බළඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ක්‍රීඩාංගණය අද (18) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.
2020-09-17 22:53:44
යුද්ධ හමුදාවේ පැරණිතම හා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ 132 වන සංවත්සර උත්සවය දේශය වෙනුවෙන් දිවිපිදු එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පනාගොඩ ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
2020-09-14 18:43:02
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදා කඳවුරු ආශ්රිත ජිවත් වන ගොවිජනතාවට හා මහජනතාව අතර ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදා මූලස්ථානයේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය කොමර්ෂල් බැංකුව සමඟ එක්ව මධ්‍යම පළාතේ යුද්ධ හමුදා කඳවුරු අවට වෙසෙන ගොවි ජනතාව වෙත බෙදාදීම සඳහා එළවලු බීජ, ට්‍රැක්ටර්, යන්ත්‍රෝපකරණ ඇතුළු අනෙකුත් මෙවලම් තොගයක් අද (14) දින සුදානම් කෙරිනි.
2020-09-13 01:28:20
විශේෂ බලකා පාඨමාලා අංක - 50 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාවක් නිමකළ නිලධාරින් පස් දෙනෙකු සහ සෙසු නිලයින් 295 දෙනෙකු ගේ විසිර යෑමේ උත්සවය සෙනසුරාදා (12) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවති අතර, මෙම විසිර යෑමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.
2020-09-10 19:36:00
ත්‍රිකුණාමලයෙහි පිහිටි 22 වන සේනාංකය වෙත ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින නිරීක්ෂණ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම සේනාංකය විසින් මහත් හරසරින් යුතුව ඉතා උණුුසුම් අයුරින් පිළිගනු ලැබිණි.
2020-09-08 16:55:50
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයවළුන් සඳහා කොවිඩ්-19 වෛරසය ආසාදන වී ඇද්ද යන්න නිශ්චිතව පරික්ෂා කරගැනීම සඳහා එක වරකදී PCR පරීක්ෂණ 300 ක් පමණ සිදු කිරිමේ හැකියාව සහිතව අංගසම්පූර්ණ ස්වයංක්‍රීය බෝවන රෝග අණුක විනිශ්චය රසායනාගාරයක් අද (08) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී විවෘත කරනු ලැබූ අතර, මෙම නව ඒකකය ස්ථාපිත කිරීම තුළින් PCR පරීක්ෂණ සහ බෝවන රෝග සඳහා පරීක්ෂණ පැවැත්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සක්‍රියව දායක වීමේ හැකියාව ඇත. වර්තමානයේදී, විද්‍යාත්මක වෛරස...
2020-09-05 12:52:30
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති වශයෙන් ඉකුත් සිකුරාදා (4) දින බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් ෂැන්ග්‍රි ලා හෝටලයේ පැවති උත්සවය සඳහා වෛද්‍ය විශේෂඥයින් රැසක් සහභාගී වූහ.
2020-09-04 10:51:48
තම එදිනදා කටයුතු වලින් මොහොතකට බැහැරව විවේකයක් අපේක්ෂා කරන යුද්ධ හමුදා සහ සිවිල් ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන සුප්‍රසිද්ධ හෝටල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා ‘ලායා ලෙෂර්’ හෝටලය තුළින් විවිධ ත්‍රාසජනක ක්‍රීඩා අත්දැකීම්, සොබාදහමේ චමත්කාරය මෙන්ම අලංකාර වටපිටාවකින් හා ඇතුළු විවිධ විනෝදකාමී අංගයන්ගෙන් සමන්විත අත්දැකීමක් ලබා ගත හැකි අතර, එම අවස්ථාවන් තවත් පුළුල් කරමින් එම හෝටල් පරිශ්‍රයේ ඉඳිකරන ලද නවීන පහසුකම් වලින් සමන්විත අවන්හල සහ තානායම විවෘත කිරීම මෙන්ම, එහි අභිනවයෙන් ඉඳිකිරීමට නියමිත පිළිගැනීමේ නිලධාරී කාර්යාලයට...
2020-08-29 22:47:16
ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරිමේ මහගු කර්තව්‍යයේ මූලාරම්භය අද (29) දින උදෑසන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබු අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.