2021-03-08 14:38:08
2009 මානුෂීය මෙහෙයුම් අතරතුර එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව නිර්භීතව සටන් කරමින් සිටියදී දකුණු කකුල අහිමි වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රණක්ෂිතයට පත් තවත් විරුවෙක් (08) දින බැළුම්මහර පිහිටි සෙනෙත්මා උත්සව ශාලාවේදී හමුදා චාරිත්‍රානුකූලව විවාහ දිවියට ඇතුළත් වූයේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම විවාහ මංගල අවස්ථාවට සම්භාවනීය අමුත්තෙකු ලෙස සහභාගී වූයේය.
2021-03-06 13:53:24
සැබෑ නායකත්ව ගුණය ලොවටම විඳහාපාමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (06) දින යුද්ධ හමුදා රෝහලේදි සිය කොවිඩ්-19 එන්නත ලබාගත්හ. දිවයින පුරා කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සඳහා කැපවී සේවය කරන හමුදා සාමාජිකයන් 63,000 කට අධික පිරිසකට එන්නත් ලබාදී අවසන් වූ පසු යුද්ධ හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා සිය එන්නත ලබාගැනීම ද විශේෂත්වයකි.
2021-03-04 11:52:46
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි, එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භදූරියා (Rakesh Kumar Singh Bhadauria) ශ්‍රී ලංකාවේ සිව් දින සුහද සංචාරයක නිරත විය. සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි අද (04) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසඳරක නිරත වූයේය.
2021-03-03 13:34:58
හමුදා නිල ඇඳුමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීමේ අරමුණින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා ඔවුන්ගේ අනන්‍යතා ලාංඡනය සහිතව සැහැල්ලු ලෝහයෙන් නිපදවන ලද නාමපුවරු පැළඳීම ඉකුත් සඳුදා (01) දින සිට ක්‍රියාත්මක කරන ලදී.
2021-02-26 09:49:04
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ප්‍රායෝගික රයිෆල් වෙඩි තැබීමේ තරඟාවලියේදී 2021 වසරේ ජයගත් ක්‍රීඩකයින් හට සම්මාන පිරිනැමීමේ උත්සවය දියතලාව ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් (25) දින පැවැත්විණි.
2021-02-23 19:40:55
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ද්වීපාර්ශවීය අවබෝධය සහ මිත්‍රත්වයේ ශක්තිමත්භාවය ලොවට විදහා දක්වමින් ශ්‍රී ලංකාවට පැමිණි පකිස්ථාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් (Imran Khan) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අද (23) දින ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2021-02-20 20:09:34
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කාර්යභාරය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සමඟින් උරෙන් උර ගැටී වෙහෙසෙන මහජන පරික්ෂකවරුන්ගේ කැපවීම, සුවිශේෂි කාර්යභාරය මෙන්ම බිම් මට්ටමේ සිට මහජනයාට කරන සේවය කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පසුගිය (20) දා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැසසුමට ලක්කරන ලදී.
2021-02-18 19:02:20
රණවිරු සේවා අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව, දිවයින පුරා පරිපාලන දිස්ත්‍රික් 22 ක ස්ථාපිත ‘රණවිරු’ සංගම් සම්බන්ධිකාරක නිලධාරීන් ඇතුළු එම ප්‍රදේශයන්හි සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් සහ ආරක්ෂක සේනා මුලස්ථාන නියෝජනය කරමින් නිලධාරින් 100 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අද (18) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.
2021-02-17 08:56:08
ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ උසස් අධ්‍යයන ආයතනයක් වන ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 31 වන උපාධි ප්‍රදානොත්සවය පසුගිය අඟහරුවාදා (16) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි.
2021-02-15 18:18:46
මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන් වූ 35 හැවිරිදි ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා සොයා අභියෝගාත්මක මෙහෙයුමක නියැලුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකා සෙබලුන්ගේ වික්රමාන්විතභාවය කැපවීම, නොපසුබට උත්සහය හා පැවරුණු කාර්යක් නොපිරිහෙලා ඉටු කිරීමේ ගුණාංගය අගයමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද අඟහරුවාදා (15) දින මෙම මෙහෙයුමට සහභාගී වූ සෙබළුන්ගෙන් කොටසක් යුද්ධ හමුදා මූලස්ථානයට කැඳවා සංකේතාත්මකව ඇගයීම් සහතික හා සම්මාන පිරිනැමුවේය.