Header

Sri Lanka Army

Defender of the Nation

මුල් පුවත

  • ‘සඳහිරු සෑ රඳුන්’ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජා කෙරේ

    2021-11-19 01:00:02

    ‘සඳහිරු සෑ රඳුන්’ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජා කෙරේ

    මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ විරෝදාර රණවිරුවන් සිහිකිරීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක් කිරීම සහ තිස් වසරක යුද්ධයේ නිමාව සනිටුහන් කිරීම අරමුණු කරගනිමින් යුද, නාවික හා ගුවන් හමුදා වීරෝදාර සෙබළුන් මෙන්ම පොලිස් හා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රමදායකත්වයෙන් රටේ දෙවන උසින් විශාලතම චෛත්‍ය ලෙස අනුරාධපුරයේ ඉදිකළ ‘සඳ හිරු සෑ’ චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ ඉල් පුර පසලොස්වක පොහෝ දින (නොවැම්බර් මස 18) අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ගෞරවනීය උත්සවයකදී ශ්‍රී සම්බුද්ධ ශාසනයේ සහ මහා සංඝරත්නයේ චිරස්තථිය උදෙසා පූජා කරන ලදී.

  • සඳහිරු සෑ චෛත්‍යය පූජා කිරීමේ උත්සවයේ සුදානම අතිගරු ජනාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

    2021-11-17 15:23:49

    සඳහිරු සෑ චෛත්‍යය පූජා කිරීමේ උත්සවයේ සුදානම අතිගරු ජනාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

    රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින්, රටේ දෙවන විශාලතම චෛත්‍ය ලෙස අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑ චෛත්‍ය රාජාණන් වහන්සේ ඉල් පුර පසලොස්වක පොහෝ දින ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය චිරස්තථිය උදෙසා පූජා කිරීමට ප්‍රථම එම ඓතිහාසික උත්සවය පැවැත්වීමට ඇති සූදානම පිළිබඳ සොයාබැලීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සමඟින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් අද (17) දින පෙරවරුවේ සඳහිරු සෑ චෛත්‍ය ඉදිකළ ඓතිහාසික පුදබිමේ සංචාරයක නිරතවූහ.

  • අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් “ජාතික ආරක්‍ෂක විද්‍යාලය” දැයට දායාද කෙරේ

    2021-11-11 17:44:36

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සුරතින් “ජාතික ආරක්‍ෂක විද්‍යාලය” දැයට දායාද කෙරේ

    ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්‍ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ගාලුපාර, කොළඹ 03 පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැගිල්ලේ ස්ථාපිත මෙරට ප්‍රථම හා උසස්ම අධ්‍යයන හා පර්යේෂණ ආයතනය වශයෙන් “ජාතික ආරක්‍ෂක විද්‍යාලය” ස්ථාපනය කරන ලදී.

  • යුද්ධ හමුදාධිපතිතුමන්ට පොපි මලක් පළඳවමින් පොපි දින සැමරුම් උත්සවය පිළිබඳ දැනුවත් කරයි

    2021-11-10 21:45:09

    යුද්ධ හමුදාධිපතිතුමන්ට පොපි මලක් පළඳවමින් පොපි දින සැමරුම් උත්සවය පිළිබඳ දැනුවත් කරයි

    පළමු ලෝක යුද සමයේ සිට මේ දක්වා යුදබිමේදී දිවිපිදූ සියලුම රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන පොපි මල් දින සැමරැම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් බදාදා (10) දින සන්ධ්‍යාවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ දී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සංකේතාත්මකව පොපි මලක් පැළඳවිය.

  • ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව නිපැයුම් ආරක්‍ෂක ලේකම් හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරික්‍ෂණයට

    2021-11-08 16:31:44

    ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නව නිපැයුම් ආරක්‍ෂක ලේකම් හා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරික්‍ෂණයට

    ජාතික ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යුද හා සිවිල් තාක්‍ෂණික සංවර්ධනය සඳහා වු නව නිපැයුම් පිළිබඳ ඉමහත් ප්‍රගතියක් අත්කරදෙමින් නිර්මාණය කරන ලද නව නිපැයුම් 15 ක් සඳුදා (8) දින පනාගොඩ පිහිටි ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ආරක්‍ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලදී.

  • කූරගල රජමහා විහාරයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය පිළිඹිබු කරමින් පැවති ප්‍රථම ‘කඨින’ පූජෝත්සවය

    2021-11-07 20:00:12

    කූරගල රජමහා විහාරයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය පිළිඹිබු කරමින් පැවති ප්‍රථම ‘කඨින’ පූජෝත්සවය

    කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කූරගල රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය අද (07) දින උදෑසන පැවැත්විණි. වඩමවා වඳල මහා සංඝරත්නය 200 නමක පමණ සහභාගීත්වයෙන් පැවැති මෙම පූජෝත්සවයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය ඇතුළු සැදැහැවත් බැතිමතුන් රැසක් සහභාගි වූහ.

  • සංහිඳියාව සංකේතවත් කරමින් ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේ ප්‍රථම ‘කඨින’ පූජාව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

    2021-11-07 10:26:10

    සංහිඳියාව සංකේතවත් කරමින් ඓතිහාසික කූරගල රජමහා විහාරස්ථානයේ ප්‍රථම ‘කඨින’ පූජාව අති උත්කර්ෂවත් අන්දමින් පවත්වයි

    දීර්ඝ කාලයක් පූරාවට ගරා වැටෙමින් පැවැති පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකමක් සහිත කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි පූරගල රජමහා විහාරයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය යළි පිළිඹිබු කරමින් එම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් පසුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය නොවැම්බර් මස 6 සහ 7 දෙදින පුරා අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබයි.

  • කූරගල රජමහා විහාරස්ථානයේ ‘කඨින දුශ්‍රය’ වන්දනා මාන කිරීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයට වැඩම කරයි

    2021-11-05 13:01:22

    කූරගල රජමහා විහාරස්ථානයේ ‘කඨින දුශ්‍රය’ වන්දනා මාන කිරීම සඳහා යුද්ධ හමුදා මුලස්ථානයට වැඩම කරයි

    කූරගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදා භටපිරිස්වල ශ්‍රමදායකත්වය සහ තාක්‍ෂණික දැනුම යොදාගනිමින් කූරගල රජමහා විහාරස්ථානයේ ප්‍රථම ‘කඨින චීවර’ පූජාව නොවැම්බර් මස 6 සහ 7 දෙදින පුර එම විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.

  • ජාතික හා සමාජ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් යාපනයේ සංචාරයක

    2021-11-03 17:19:26

    ජාතික හා සමාජ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් යාපනයේ සංචාරයක

    ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (03) දින උදෑසන යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත විය. එහිදී, ජාතික හා සාමාජීය වශයෙන් වැදගත් ව්‍යාපෘති රැසක් ආරම්භ කෙරිණි.

  • කොවිඩ් - 19 වෛරසය හමුවේ ඉදිරි පෙළ සාමාජිකයින්ට තවත් එන්නත් මාත්‍රාවක් ලබාදීම කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ඇරඹේ

    2021-11-01 12:51:44

    කොවිඩ් - 19 වෛරසය හමුවේ ඉදිරි පෙළ සාමාජිකයින්ට තවත් එන්නත් මාත්‍රාවක් ලබාදීම කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ඇරඹේ

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් මෙහෙයවනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීම වැළැක්වීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස කටයුතු කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරින් හා සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයින් ඇතුළු ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා තෙවන‍ මාත්‍රාව ලබාදීම සඳුදා (01) දින ආරම්භ කරන ලදී.