2018-05-12 11:15:04
ත්‍රිවිධ හමුදා රණවිරුවන් සහ පොලිස් සාමාජිකයින්ගේ වීරත්වය සහ නීර්භිතකම වෙනුවෙන් ගෞරව කිරීමක් ලෙස රණවිරු සැමරුම් මාසයට සමගාමීව සිකුරාදා (11) දින ඇතුගල්පුර දී ‘වයඹ රණ අභිමන්’ රණවිරු ස්මාරකය විවෘත කරන ලදි.
2018-05-11 09:41:54
හදවත් රෝගවලින් පෙළෙන දරුවන් සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘Little Hearts’ – ‘බිළිඳු හදවත්’ අරමුදල සඳහා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියළුම හමුදා සාමාජිකයින්ගේ පරිත්‍යාගශීලීත්වය ලොවටම පෙන්වමින් රුපියල් මිලියන 70 ක මුදලක් අද (10) දින උදෑසන පරිත්‍යාග කරන ලදී.
2018-05-09 21:44:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් (SNCOs) අතර පවත්නා සෘජූ සේවා සම්බන්ධතාවයන්හි සුවිශේෂි ප්‍රගතියක් අත්කර ගැනීමේ අරමුණින් සෙනසුරාදා (05) දින සිට බංගලාදේශයේ දින පහක අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්.......
2018-05-06 18:11:23
සියළුම ජනවර්ග අතර සහයෝගිතාව සංකේතවත් කරමින්, සමාජයේ අවධානය සහ සහාය අවශ්‍ය වන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් මෙන්ම ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් රෝදපුටු 110 ක් ප්රදානය කිරීමේ උත්සවයක් සෙනසුරාදා (05) දින පැවැති අතර ඉස්ලාමීය ආගමික අධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයේ එම්.සී.ඒ. හමීඩ් හාජියාර් ට්‍රස්ට් (M. C. A Hameed Hajiyar Trust) ආරාධනයකට අනුව එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-05-05 15:01:47
ගණේමූල්ල ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ කලාත්මකව ඉදිකරන ලද නව නිලධාරි නිවස්නය විවෘත කිරීමේ උත්සවය සිකුරාදා (04) දින පැවැති අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
2018-05-04 20:11:55
මීට වසර 50 කට පෙර දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 1 සාර්ථකව හදාරා විසිරගිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් ලද අත්දැකීම් මෙන්ම අතීත මතකයන් ආවර්ජනය කිරීමේ විශේෂ සුහද හමුවක් බදාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමගින් පැවැත්විණි.
2018-05-03 20:11:55
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කරන ලද මහජන චීන සමුහාණ්ඩුවේ නව තානාපති ලෙස රාජකාරි භාරගත් අතිගරු චැන්ග් සූයුහාන් මහතා (Mr Cheng Xueyuan) බ්‍රහස්පතින්දා (03) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ සිදු කල පළමු නිල සංචාරයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
2018-05-03 16:34:11
රණවිරු සැමරුම් මාසය - 2018 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අලෙවි කිරිමේ උත්සවය බදාදා (2) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
2018-05-02 14:45:15
21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ජයග්‍රහණය ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක කෝප්රල් ඉෂාන් බණ්ඩාර බදාදා (02) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවූ අතර එහිදි ඔහුගේ අනාගත අභිප්රායන් මූදුන්පත් කරගැනීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපතිතුමන් සහතික විය.
2018-05-01 23:42:10
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ අධීක්ෂණය යටතේ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය, උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව, කෘෂිකර්ම අධ්යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය, ඉංජිනේරු සේවා බලකාය සහ අනෙකුත් සහායක අංශයන්හි භට පිරිස් එක්ව ‘පරිසර හිතකාමී තිරසාර සංවර්ධනය සඳහා ලෝක බෞද්ධයන්ගේ සාමූහිකත්වය’ යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් අඟහරුවාදා (01) දින සන්ධ්‍යාවේ බොරැල්ල, රාජගිරිය ශ්‍රී සදහම් සෙවණ පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.