2020-08-24 19:42:51
වර්ෂ 2020 මැයි මාසයට පෙර රුදුරු ත්රස්තවාදීන් සමඟ පැවැති යුද සමයේ උච්චතම අවස්ථාව වනවිට සටන් මෙහෙයුම්වල පෙරමුණේ සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 53 වන සේනාංකයේ 25 වන සංවත්සරය අද (24) දින දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී එම සේනාංකයේ හිටපු සේනාංකාධිපතිවරුන් දෙදෙනෙක් වන ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.
2020-08-22 20:40:37
වර්ෂ 2009 මැයි මසින් අවසන් වූ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදයට එරෙහි සටනේදී උත්තරීතර කැපකිරීම් කළ යුද්ධ හමුදාවේ රෙජිමේන්තුවලින් එකක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව තුලින් රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම උදෙසා තම ජීවිත පූජා කළ නිලධාරීන් 143 දෙනෙකු සහ සෙසු නිලයින් 3719 දෙනෙකු සිහිපත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව 28 වන වරටත් පවත්වනු ලබන රණවිරු සැමරුම් උත්සවය එම රණවිරුවන්ගේ ඥාතීන් රැසකගේ සහභාගිත්වයෙන් අඹේපුස්ස ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඉකුත් සෙනසුරාදා (22) දින පැවැත්විණි.
2020-08-19 12:07:51
කොවිඩ් - 19 වෛරසය හමුවේ සිදුකරනු ලැබු මහඟු කාර්යභාරය සහ වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම යුද විරුවෙකු වශයෙන් වන්නි ප්‍රදේශයේ මෙහෙයුම් වලදී ත්රස්තවාදයට එරෙහිව ලබාගත් ජයග්‍රහණ සඳහා සිදුකළ කැපකිරීම වෙනුවෙන් දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ බැතිමතුන් විසින් ඉකුත් අඟහරුවාදා (18) දින පවත්වනු ලැබූ විවිධ අංග ඇතුලත් බෞද්ධ ආගමික උත්සවයකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැසසුමට ලක් විය.
2020-08-17 22:59:13
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් අද (17) දින නාරාහේන්පිට පිහිටි ‘නිල මැදුර’ පරිශ්‍රයේ දී සිය කාර්යාල රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2020-08-09 15:43:33
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද (09) දින ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී පැවති රාජ්‍ය උත්සවයකදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඉදිරියේ දිවුරුම් දුන්නේය.
2020-08-02 12:23:59
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කතරගම බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව ඉකුත් සෙනසුරාදා (1) දින පූජනීය කතරගම පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා සපැමිණි අතර, එහිදි කතරගම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සූදානම්කර ඇති ආලෝක පද්ධතිය ක්‍රියාත්මක කරමින් මෙම පූජනීය කටයුත්තෙහි ආරම්භය සනිටුහන් කළේය.
2020-07-30 13:16:02
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරනු ලබන නිවුන් සහෝදරයන් දෙපලක් වන මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න සහ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල ‘ගිනස් ලෝක වාර්තා පොතට’ ඇතුළත් කිරීම සඳහා අදාල ලියකියවිලි භාරදීමේ උත්සවය අද (30) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
2020-07-25 20:39:42
කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අංගසම්පුර්ණ ගෘහස්ථ ක්රීඩාංගාරය විවෘත කිරීමේ සහ අති නවීන ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවය අද (25) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති මෙන්ම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
2020-07-24 19:56:57
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති හිමිපාණන් ලෙස සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ වත්මන් මිරිසවැටිය චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් පත් කිරීමෙන් අනතුරුව අද (24) දින උදෑසන ප්‍රථමවරට එම විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි නව කුලපති හිමිපාණන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
2020-07-22 17:48:16
පාකිස්ථානයේ ‘Quetta’ හී පිහිටි විශිෂ්ඨ ගනයේ අණ හා මාණ්ඩලික විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එහි අධ්‍යාපනය ලැබු ශ්‍රී ලාංකික උපාධිධාරි හමුදා නිලධාරීන් සඳහා පදක්කම් ප්රදානය කිරිමේ උත්සවයක් අද (22) දින ශ්‍රී ලංකාවේ පිහිටි සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබු අතර, කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය මේ වෙනුවෙන් පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දී තිබිණි.