09th May 2018 21:58:23 පැය
ඉන්දියාවේ ස්ථාපිත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කර ඇති පෝලන්ත ජනරජ තානාපති කාර්යාලයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදා ආරක්ෂක උපදේශක කර්නල් ස්ලැවොමිර් කොල්ටුන් (Colonel Slawomir Koltun) බදාදා (09) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
09th May 2018 21:55:23 පැය
සියළුම ජනවර්ග අතර සහයෝගිතාව සංකේතවත් කරමින්, සමාජයේ අවධානය සහ සහාය අවශ්‍ය වන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ආබාධිත රණවිරුවන් මෙන්ම ආබාධිත සිවිල් වැසියන් වෙනුවෙන් රෝදපුටු 110 ක් ප්රදානය කිරීමේ උත්සවයක් සෙනසුරාදා (05) දින පැවැති අතර ඉස්ලාමීය ආගමික අධ්‍යාත්මික සංවර්ධන මධ්‍යස්ථානයේ........
08th May 2018 22:32:31 පැය
8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් වෙත පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව යුද්ධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින්ගෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් අඟහරුවාදා (08) දින මධ්‍යයහනයේ බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පිරිනමනු ලැබීය. මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව සම්ප්‍රදායානුකුලව ගරු කථානායක කරු ජයසුරිය.......
07th May 2018 09:03:56 පැය
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් එම ප්‍රදේශයේ පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ස්වභාවික වාසස්ථාන හා ජිවීන්ගේ පැවැත්ම කෙරෙහි තර්ජන එල්ලවෙමින් පවතින සමයක එයට අවධානය යොමු කරමින් මූලතිව් දිස්ත්‍රික්කයේ ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ මුත්තියන්කට්ටුකුලම් රක්ෂිතය හරහා දිවෙන මුත්තියන්කට්ටුකුලම් සිට උදයාර්කට්ටුකුලම් දක්වා මාර්ගයේ විශේෂිත ස්ථානයන්හි ජල රැඳවුම් ස්ථාන සකස්කර සතුන්ට සහ කුරුල්ලන්ට පානය සඳහා.....
05th May 2018 13:09:29 පැය
ගණේමූල්ල ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ කලාත්මකව ඉදිකරන ලද නව නිලධාරි නිවස්නය විවෘත කිරීමේ උත්සවය සිකුරාදා (04) දින පැවැති අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
05th May 2018 12:57:13 පැය
පාසල් බළධාරීන්ගේ ඉල්ලීමකට අනුව, 64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ පූර්ණ සහයෝගය සහ අධීක්ෂණය මත මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 642 වන බලසේනා මූලස්ථාන බලප්‍රදේශයේ ස්ථානගත 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (03) දින මූලතිව්, ඕඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි කතලියර් සමනම්කුලම් රජයේ දමිළ මිශ්‍ර....
04th May 2018 19:39:21 පැය
ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්කරන ලද මහජන චීන සමුහාණ්ඩුවේ නව තානාපති ලෙස රාජකාරි භාරගත් අතිගරු චැන්ග් සූයුහාන් මහතා (Mr Cheng Xueyuan) බ්‍රහස්පතින්දා (03) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ සිදු කල පළමු නිල සංචාරයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් ....
04th May 2018 19:28:04 පැය
මීට වසර 50 කට පෙර දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 1 සාර්ථකව හදාරා විසිරගිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් ලද අත්දැකීම් මෙන්ම අතීත මතකයන් ආවර්ජනය කිරීමේ විශේෂ සුහද හමුවක් බදාදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමගින් පැවැත්විණි.
03rd May 2018 19:31:40 පැය
කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ මෙවර ආපොස සා/පෙළ විභාගය සඳහා පෙනීසිට විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් දිරීගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (03) දින සන්ධ්‍යාවේ එම සිසුන් සමඟ සුහද....
03rd May 2018 19:00:40 පැය
රණවිරු සැමරුම් මාසය - 2018 ප්‍රකාශයට පත්කරමින් එහි පළමු රණවිරු සැමරුම් කොඩිය අලෙවි කිරිමේ උත්සවය බදාදා (2) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් මෙහි පළමු සමරු කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පළඳවන ලදි. එමෙන්ම පසුගිය වසරේ....