2024-05-03 13:00:16
ධූරයෙන් නික්ම යන දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.කාරියවසම් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 30 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.
2024-05-03 12:59:44
ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024 අප්‍රේල් මස 26 දින හැව්ලොක් පිටියේදී පැවති අතර, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-05-02 18:30:20
අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික (වැඩබලන) හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී 2024 අප්‍රේල් මස 29 දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක නිරතවූහ.
2024-05-02 18:26:51
සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති ලෙස විශේෂ බලකායේ මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 2024 අප්‍රේල් මස 11 දින සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.
2024-05-02 18:23:05
සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කළ අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් එම බලකා රගර් පිටියේදී 2024 අප්‍රේල් මස 27 දින පැවැත්වීය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.
2024-05-02 18:21:05
සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් 2024 අප්‍රේල් මස 26 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර ඒ සඳහා සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.
2024-04-30 20:32:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 28 කට අධික කාලයක් මව්බිම
2024-04-30 20:19:15
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024 සඳහා වූ නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 අප්‍රේල් මස 25 දින සාර්ථකව පවත්වන ලදී.
2024-04-30 20:15:26
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සි 2024 අප්‍රේල් මස 27 දින 23 පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2024-04-30 20:12:16
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ