2023-06-24 18:15:15
12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ‘Road Race’ මැරතන් ඉසව්ව පසුගිය සෙනසුරාදා (ජුනි මස 24) දින පැවති අතර ඒ සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී ක්‍රීඩා කුසලතා ප්‍රදර්ශනය කරමින් සියලු අංශවලින් රන් පදක්කම් දිනාගත්හ.
2023-06-24 18:10:15
ශ්‍රී ලංකා මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය වෙතින් සංවිධානය කරනු ලබන වාර්ෂික සම්මන්ත්‍රණය මෙවර ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් ඇතුළු දිවයිනේ ප්‍රවීණ ඉංජිනේරුවන් සහ පර්යේෂකයන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා (මැයි මස 27) දින සංචාරක මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2023-06-24 18:00:15
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ සංකල්පයකට අනුව හබරකඩ ඉන්ජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි නිෂ්පාදිත ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්හි ප්‍රයෝජනය වෙනුවෙන් ස්ථාපනය කරනු ලැබීය.
2023-06-24 17:50:15
නව ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පසුගිය බදාදා (ජුනි මස 21) දින 59 පාබල සේනාංක මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.
2023-06-23 22:08:41
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව එම ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ වෙසෙන අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසු සිසුවියන් වෙත සහන සැලසීමේ ව්‍යාපෘතියට සමගාමීව හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ වෙසෙන පාසල් සිසු සිසුවියන් 63 දෙනෙකු වෙත පාසල් පාවහන් සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (ජුනි මස 17) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
2023-06-23 21:58:37
ත්‍රිකුණාමලය මහනගර සභා බලප්‍රදේශයේ පිහිටි කන්නියා ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානයේ පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 22) දින සන්ධ්‍යාවේ 4.30 ට පමණ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා 22 පාබල බලසේනාවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ. ඒ සඳහා නාවික හමුදා භටපිරිස්, පොලිස් නිලධාරින්, ගිනි නිවන හමුදාවේ ගිනි නිවන භටයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය හිමිවූහ.
2023-06-23 21:40:37
ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව යාපනය අර්ධද්වීපයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී රාකේෂ් නට්රාජ් කාර්යාලයේ අධීක්ෂණය මත යෝගා වැඩමුළු මාලාවක් පසුගිය බදාදා (ජුනි මස 21) දින පැවැත්විණි.
2023-06-22 22:08:43
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර...
2023-06-22 21:43:59
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය බදාදා (ජුනි මස 14) දින ‘විගණන නිරීක්ෂණ අවම කිරීම’ මැයෙන් නිලධාරින් වෙනුවෙන් හරවත් දේශනයන් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද සහභාගී විය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ අභ්‍යන්තර විගණන අධ්යක්ෂ කර්නල් ඩී. උදයකුමාර යූඑස්පී මෙහෙයවීමෙන් මෙම අධ්‍යාපනික සැසිය සංවිධානය කරනු ලැබීය.
2023-06-21 20:08:27
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත්...