2023-08-07 20:36:20
1 බලකායේ නව බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින 58 පාබල සේනාංකයේ ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.
2023-08-06 19:21:36
ශ්‍රී ලංකා යුද්ධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම සහ සීෂෙල්ස් හෑන්ඩ්බෝල් ජාතික කණ්ඩායම අතර සුහද හෑන්ඩ්බෝල් තරගාවලියක් පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින පැවැති අතර, එහි ජයග්‍රහණය යුද්ධ හමුදා කණ්ඩායමට හිමිවිය.
2023-08-06 19:00:56
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 144 පාබල බලසේනා බල ප්‍රදේශයේ ඇති 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 03) දින ඩෙංගු මර්දනය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සඳහා දායකත්වය ලබාදෙන ලදී.
2023-08-05 07:50:47
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.
2023-08-05 07:42:24
522 පාබල බලසේනාවේ භට පිරිස් වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ පෙරියපච්චපලෙයි ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) කටයුතු කරන ලදී.
2023-08-05 07:34:55
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 03) දින පල්ලෙකැලේ පිහිටි 11 පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම, 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව 10 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය.
2023-08-05 07:08:09
2023-08-04 00:45:11
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මිරිසුවිල් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින සිදු කරන ලදී.
2023-08-04 00:30:22
තලවාකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳුකර ප්‍රදේශයේ නාඳුනන කාන්තා මළ සිරුර සොයාගැනීමේ කාර්යයක නිරතව සිටියදී 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු කෝප්රල් කේ.එම්.එස්.කේ හේරත්, පසුගිය බදාදා (අගෝස්තු මස 02) දින ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය. එම කොමිෂන් නොලත් නිලධාරීගේ නාමය තම රාජකාරිය කැපවීමෙන් යුතුව සිදුකරමින් සිටියදී රට දැය වෙනුවෙන් දිවිදුන් විරුවන් හා එක් වෙයි.
2023-08-04 00:13:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව සමඟ ඒකාබද්ධව ‘දෙරණ’ රූපවාහිනි නාලිකාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘මනුසත් දෙරණ’ ප්‍රජා සත්කාරක වැඩසටහනේ 61 වන වැඩසටහන උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපළ පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුලි මස 29) දින ක්‍රියාත්මක කරන ලදී.