2023-08-23 21:10:56
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලය මගින් පවත්වනු ලැබූ 2023 වසරේ දෙවන ත්‍රෛමාසික පාඨමාලාවන්හී සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (අගෝස්තු මස 11) දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පිඑස්සී සහභාගී විය.
2023-08-22 22:12:52
නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 26 සාර්ථකව හදාරන ලද භටපිරිස්, විසිර යාමේ උත්සවය පසුගියදා පැවති අතර, එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
2023-08-22 22:08:14
වැල්ලවාය ප්‍රදේශයේ කොටිගම්බොක්ක, තිත්තමුලකන්ද රක්ෂිතයේ පසුගිය සඳුදා (අගෝස්තු මස 21) දින සවස 5.50 ට පමණ හටගත් විශාල ලැව් ගින්නක් මැඩපැවැත්වීමට කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ භටපිරිස් කටයුතු කරන ලදී.
2023-08-22 22:05:57
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස ධූරයේ රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එච්. ආර්. ආර්. වී. එම්. එන්. ඩී. කේ. බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී වීඑස්වී එන්ඩීයූ පීඑස්සී අගෝස්තු මස 12 - 17 යන දිනයන් තුලදී මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් සහ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
2023-08-22 22:01:12
21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අනුරාධපුර, එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ආරක්ෂක අංශ සාමාජිකයින්, පොලිස් නිලධාරීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සහ සාමාන්‍ය ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද පිහිනුම් තටාක සංකීර්ණය පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින විවෘත කරන ලදී.
2023-08-22 21:58:35
විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී පසුගිය සඳුදා (අගෝස්තු මස 03) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-08-22 21:50:52
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සිය ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් පසු කන්කසන්තුරේ, 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත පසුගිය සඳුදා (අගෝස්තු මස 21) දින පළමු නිල සංචාරය සිදුකරන ලදී.
2023-08-22 21:46:27
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු අධිපති ලෙස ධූරයේ කටයුතු කර නික්ම යනු ලබන මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත සම්ප්‍රධායානුකූල හමුදා ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 19) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2023-08-22 21:43:57
ඉංජිනේරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස ඉංජිනේරු සේවා බලකායේ බ්‍රිගේඩියර් ඊ.ඒ.ඩී.කේ එදිරිසිංහ පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 17) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ දී රාජකාරි කටයුතු භාරගත්තේය.
2023-08-21 22:43:28
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, පසුගියදා 1 ,8,20 සහ 2(ස්වෙච්ඡා) යන පාබල හමුදා ඒකකයන් වෙත ක්ෂේත්‍ර සංචාරයක නිරත විය. එහිදී එම ඒකකයන්හි පරිපාලන කටයුතු සහ ජාතිය ගොඩනැගීමේ කාර්යයන්හි වත්මන් තත්ත්වය සොයා බලනු ලැබීය.