2023-08-25 20:20:09
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වායු මෙට්ට අවශ්‍යතාවයට ප්‍රතිචාර දක්වමින් 143 පාබල බලසේනාවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන් පිරිසකගේ දායකත්වයෙන් එම රෝහලට වායු මෙට්ට 10 ක් පසුගිය සඳුදා දින (අගෝස්තු 21) ප්රදානය කරන ලදී.
2023-08-25 20:12:26
විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූඑස්පී 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස 2023 අගෝස්තු මස 21 දින කොළඹ ප්‍රදේශයේ ස්ථාපිත එම සේනාංක මූලස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.
2023-08-24 22:11:47
61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනාවට අයත් 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 60 දෙනෙකු පසුගිය අඟහරුවාදා දින (අගෝස්තු 22) වරකාපොල, කොස්කැලේ, ඕපාත පොදු රක්ෂිත ප්‍රදේශයේ හටගත් විශාල ලැව්ගින්නක් මැඩපැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.
2023-08-24 22:04:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව් ආර්එස්පී ආගමික ආශිර්වාද මධ්‍යයේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස ඉකුත් බදාදා දින (අගෝස්තු 23) පැවැති උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.
2023-08-24 22:02:36
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරි සහ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් (Lieutenant Colonel Anthony Nelson) පසුගිය බදාදා (අගෝස්තු මස 23) දින ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සංචාරයක නිරත වූයේය.
2023-08-24 21:58:40
ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ආර්.එම්.ජේ.බී රත්නායක ආර්එස්පී, කොළඹ නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ නව කළමනාකරණ සහ නඩත්තු අධ්යක්ෂ ලෙස අගෝස්තු මස 21 දින පැවැති උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.
2023-08-24 21:56:16
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී මිහින්තලේ ප්‍රදේශයේ ස්ථාපිත 6 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ සංචාරයක නිරත වෙමින් එහි පරිපාලන කටයුතු සහ කාර්යභාරයන් පිළිබඳ සොයා බලන ලදී.
2023-08-23 22:49:06
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයේ 542 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුවේ ‘Willing Hearts Foundation’ සහ වවුනියාවේ ‘මහා කරුණා සංගමයේ’ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මන්නාරම දිස්ත්‍රික්කයේ, මඩු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 150 දෙනෙකු සඳහා පාසල් උපකරන සහ වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 22) දින මඩු දේවස්ථානයේදී පැවැත්වීය.
2023-08-23 22:40:21
24 පාබල සේනාංකයට අයත් 241 පාබල බලසේනාවේ භටපිරිස් ඔවුන් සමඟ සේවය කරන කාන්තා සෙබළියෙකුගේ අක්කරපත්තුවේ පිහිටි ගිනිගත් නිවස ප්‍රතිසංස්කරණය කර නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ ද ලබාදීමට කටයුතු කරනු ලැබූහ. යුද්ධ හමුදවේ ඉල්ලීම මත අක්කරෙයිපත්තුවේ මුස්ලිම් සහ දමිළ ව්‍යපාරික ප්‍රජාව නිවසේ අළුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ අවශ්‍ය සම්පත් ලබා දෙමින් ව්‍යාපෘතියට සහාය දෙනු ලැබීය. 24 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය කාන්තා සෙබළ ටී. ඩිරෝනා ගේ නිවස ගින්නට හසුවීමෙන් දැඩි ලෙස හානි සිදුවිය.
2023-08-23 22:34:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එච්. ආර්. ආර්. වී. එම්. එන්. ඩී. කේ. බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සදුදා (අගෝස්තු මස 21) දින ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය.