Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2024 10:00:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 පෙබරවාරි මස 12 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසලේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

සංචාරයේ නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් එම පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.ජී. ජයරත්න කේඑස්පී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

කර්නල් ජේ.ඒ.ජී. ජයරත්න කේඑස්පී විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල වෙතින් දැනට ක්‍රියාත්මක කරනු ලබන පාඨමාලා පිළිබඳව සවිස්තරාත්මකව මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ දැනුවත් කළ අතර ඉන් අනතුරුව පරිපාලන සහකාර පාඨමාලාව හදාරනු ලබන භටපිරිස් විසින් එම පාඨමාලාවේදී ලබාගත් දැනුම සහ පුහුණුව තුළින් ඔවුන්ගේ හැකියාවන් පිළිබිඹූ කරන වාර්තාමය වැඩසටහනක් එළිදැක්වූහ.

එම පාඨමාලාව හැදෑරූවන් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.