Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2024 19:42:54 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පැරෂුට් පාඨමාලාව හැදැරූ සාමාජිකයින් හට ලාංඡන පලදවයි

මූලික පැරෂුට් පාඨමාලාව - MNDF 04 සාර්ථකව හදාරනු ලැබූ එම පාඨමාලාවේ සිසුන් වෙත පැරෂුට් ලාංඡන පැලදවීමේ උත්සවය අඟහරුවාදා (පෙබරවාරි මස 06) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ හමුදා සාමාජිකයින් 18 දෙනෙකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති සහ විනයාරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත පිරිස කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී පුහුණුව සාර්ථකව නිම කළේය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ. ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදී.

එහි දී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ මාණ්ඩලික ප්‍රධානී පාඨමාලාව සාර්ථකව අවසන් කල සාමාජිකයන් වෙත ගෞරවනීය පැරෂුට් ලාංඡනය පලන්දවන ලදී.

උත්සව සභාව අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන්, ගෞරවනීය පැරෂුට් ලාංඡනය පැලදීම සඳහා ඔවුන් සතුවූ නොපසුබට උත්සාහය සහ කැපවීම අගයමින් පැරෂුට් භටයින්ට සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීය. කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ උපදේශකවරුන් පුහුණු කාලය පුරාවටම ලබාදුන් අගනා මගපෙන්වීම සහ සහයෝගය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාව පළ කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් අනතුරුව පාඨමාලාවට සහභාගී වූවන් සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටියේය. පැමිණ සිටි සියලුම පිරිස වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් තම පාඨමාලා සාමාජිකයින් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත විය.

උත්සව අවස්ථාවට නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, මාණ්ඩලික නිලධාරීන්, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් (Colonel Hassan Amir), නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.