Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2024 11:01:52 Hours

ඉන්දියානු ඉහළ ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාවේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි

ඉන්දීයානු නාවික හමුදා විද්‍යාපීඨයේ ප්‍රධානී කොමදෝරු සුනිල් කුමාර් (Commodore Sunil Kumar) ප්‍රමුඛ ඉන්දියානු ඉහළ ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාව හදාරනු ලබන නිලධාරීන් පිරිසක් සිය පාඨමාලා විෂය මාලාවේ කොටසක් වශයෙන් පෙබරවාරි මස 05 දින සිට 09 දින දක්වා මෙරට දින පහක අධ්‍යයන චාරිකාවක නිරත වන අතර, එම පිරිස පසුගිය සඳුදා (පෙබරවාරි මස 05) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හමුවිය.

සුහද හමුවේදී, එතුමන් පැමිණ සිටි පිරිස සමඟින් ද්විපාර්ශවීය වශයෙන් හමුදාවන්ගේ පුහුණුවීම් සහ ඔවුන්ගේ අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරනය කරන ලදී. එහිදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙරට හමුදා නිලධාරීන්ටද මෙම පාඨමාලාව හැදෑරීමට ඇති අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

සුහද හමුව අවසානයේදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ කොමදෝරු සුනිල් කුමාර් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

මෙම අවස්ථාවට අධ්‍යක්‍ෂ පුහුණු බ්‍රිගේඩියර් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී, කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් එම් ආනන්ද සහභාගී වූහ.