Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2024 21:44:40 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාසල් උපකරණ ප්‍රදානයක්

යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි සිදු කරනු ලබන සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා වාර්ෂිකව සිදුකරන පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 01) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන මගින් එම සිවිල් සේවක මහතුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකිරීමටත්, ආර්ථිකමය වශයෙන් එම පවුල් වලට යම් සහනයක් ලබාදීමත් අපේක්‍ෂා කරයි.

උත්සව අවස්ථාවේදී පාසල් ළමුන් 37 දෙනෙකු වෙත අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දෙන ලද අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සංකේතාත්මකව සිවිල් සේවක මහතුන් තිදෙනෙකු වෙත පාසල් උපකරණ ලබාදීම සිදුකරන ලදී. මෙම වැඩසටහන මගින් සාම්ප්‍රදායික හමුදා රාජකාරිවලින් ඔබ්බට ගොස් සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල යහපැවැත්ම සහ සංවර්ධනය උදෙසා, යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන් සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නිරන්තරයෙන් සිය දායකත්වය ලබාදෙනු ලබයි.

සාමූහික වගකීමක් ලෙස අනාගත සිසු පරපුරෙහි අධ්‍යාපනය කෙරෙහි ක්‍රියාශීලීව යුද්ධ හමුදාධිපතිතුමන් දක්වන කැපවීම මෙවැනි වැඩසටහන් මගින් පැහැදිලි වේ. එමගින් එම සිසුන්ගේ අධ්‍යාපනය සඳහා ධනාත්මක ප්‍රවේශයක් ලබාදීමට හැකිවනු ඇත. එතුමන්ගේ ‘පියෙකුගේ රැකවරණය’ යන දර්ශය මෙවැනි වැඩසටහන් තුල අන්තර්ගත වී ඇති අතර, එමගින් යුද්ධ හමුදාවේ සමස්ත යහපැවැත්ම උදෙසා සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුල් දක්වන ලබන දායකත්වයේ වැදගත්කම මෙමගින් පිළිබිඹු කරයි.