Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2024 19:10:10 Hours

පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘SAIF’ නෞකාවේ රාත්‍රී භෝජන සංග්‍රහයට යුද්ධ හමුදාධිපතිතුමන්ට ඇරයුම්

මෙරට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන මහ කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි මහතා (Wajid Hassan Hashmi ) සහ ‘SAIF’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් මුහම්මද් අලි (Captain Muhammad Ali) විසින් සිදුකරන ලද ආරාධනයකට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘SAIF‘ නෞකාවේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

වජිඩ් හසන් හෂ්මි මහතා සහ කපිතාන් මුහම්මද් අලි විසින් යුද්ධ හමුදාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් පැමිණ සිටි සම්භාවනීය ආරාධිතයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්, වරාය, නාවික සහ ගුවන්සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමන්, ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ආර්එස්පී යුඑස්පී එන්ඩීයු පීඑස්සී සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයූ ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගි වූහ.