Header

Sri Lanka Army

Defender of the Nation

01st February 2024 19:03:24 Hours

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් තුවාල ලැබූ පැරෂුට් භටයන්ගේ සුවදුක් විමසයි

කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති 76 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙරහුරුවට සමගාමීව පැවති පැරෂුට් පුහුණු වීම් අතරතුරදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ යුද්ධ හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීම සඳහා ගරු ආරක්‍ෂ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් කොළඹ, යුද්ධ හමුදා රෝහල සහ කොළඹ, ජාතික රෝහල වෙත පැමිණියේය.

පැරෂුට් පුහුණුවීම් සිදුකරන අතර තුරදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ හමුදා පැරෂුට් භටයින් හමුවූ එතුමන්, ඔවුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළේය.

රෝහල්වලින් පිටව යාමට පෙර ආරක්‍ෂ රාජ්‍ය අමාත්‍යතුමන් රෝහල් වෛද්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් අනතුරට පත්වූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ගේ ඉදිරි ප්‍රථිකාර කටයුතු පිළිබඳව විමසුවේය.

(මූලාශ්‍රය - www.defence.lk)