Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2024 20:45:03 Hours

76 වන නිදහස් දිනය වෙනුවෙන් මාධ්‍ය හමුවක්

76 වන නිදහස් දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ නිල මාධ්‍ය හමුව ගරු ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සම්මන්ත්‍රණ ශාලාවේදී බදාදා (ජනවාරි මස 31) දින පැවැත්විය.

මෙම මාධ්‍ය හමුවේදී නිදහස් දින සැමරුමේ අරමුණ, එහි කටයුතු සහ භටපිරිස්හි කැපවීම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කරන ලද අතර, පොලිසිය විසින් නිදහස් දින රථවාහන සැලැස්ම පිළිබඳව එහිදී දැනුවත් කලහ.

මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන්, වැඩබලන පොලිස්පතිතුමන්, රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍යවේදීන් විශාල පිරිසක් සහභාගී වූහ.