Header

Sri Lanka Army

Defender of the Nation

30th January 2024 22:10:42 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්, 76 වන නිදහස් දින පැරෂුට් පුහුණු පෙරහුරුවේදී තුවාල ලැබූ යුද්ධ හමුදා පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසයි

කොළඹ, ගාලු මුවදොර පිටියේ පැවති 76 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙරහුරුවට සමගාමීව පැවති පැරෂුට් පුහුණු වීම් අතරතුරදී සිදුවූ අනතුරින් තුවාල ලැබූ යුද්ධ හමුදා නිලධාරීයාගේ සහ සෙබලාගේ සුවදුක් විමසීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ අඟහරුවාදා (ජනවාරි මස 30) දින කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත පැමිණියේය.

පැරෂුට් පුහුණුවීම් සිදුකරන අතර තුරදී සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ හමුදා සාමාජිකයන් දෙදෙනා සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් අදහස් හුවමාරු කරගනිමින් සුවදුක් විමසූ අතර, අනතුරුව ඔවුන්ගේ ප්‍රතිකාර තත්ත්වයන් පිළිබඳවද සොයා බැලූ අතර, එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් රෝහලේ වෛද්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් අනතුරට පත්වූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ගේ ඉදිරි ප්‍රථිකාර කටයුතු පිළිබඳව විමසුවේය.

රෝහලින් පිටත්ව යාමට පෙර, යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කාර්යය මණ්ඩලයේ කැපවීම සහ කාර්යශූරත්වය පිළිබඳ ඔවුන්ට කෘතඥතාවය පළකළ අතර, තුවාල ලැබූවන්ට හැකි උපරිම අයුරින් ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.