Header

Sri Lanka Army

Defender of the Nation

18th January 2024 15:09:56 Hours

‘96 වන ජාතික ශූරතා මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලිය - 2023’ හි ජය යුද්ධ හමුදාවට

‘96 වන ජාතික ශූරතා මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලිය - 2023’ කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ජනවාරි මස 13 සිට 17 දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා යුද්ධ, නාවික, ගුවන් හමුදාවන් සහ පොලිස් කණ්ඩායම් ඇතුළු දිවයින පුරා ක්‍රීඩා සමාජ 17 ක තරඟකරුවන් 151 දෙනෙකු සහභාගී වූහ.

‘ජාතික ශූරතා මුෂ්ඨි ප්‍රහාර ශූරතාවලිය - 2023’ පිරිමි අංශයේ ශූරතාව ශ්‍රි ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම දිනාගැනීමට සමත් වූ අතර, එහිදී ඔවුන් රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනාගනිමින් ‘වසරේ දක්‍ෂතම මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායමට’ හිමි කුසලානය දිනාගැනීමට සමත්විය. තරඟාවලියේ කාන්තා අංශයේ අනු ශූරතාවය යුද්ධ හමුදා කාන්තා බලකා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම හිමිකරගත් අතර, එහිදී ඔවුන් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 05 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූහ.

පිරිමි අංශයේ දක්‍ෂතම මුෂ්ඨි ප්‍රහාර ක්‍රීඩකයාට හිමි කුසලානය යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කෝප්‍රල් කේ.ජී.සී පද්මසිරි දිනාගත් අතර, කාන්තා අංශයේ දක්‍ෂතම පරාජිත ක්‍රීඩිකාව වශයෙන් යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ එම්.ජී.එම්.ටී. දසුනිකා කුසලාන දිනාගත්තාය.

සම්මාන ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික) සහභාගී වූ අතර, යුද්ධ හමුදා බොක්සිං කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එම අවස්ථාවට සහභාගී වූහ.