Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2024 19:53:47 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක ලෙස රාජකාරී භාරගනු ලැබූ ලුතිනන් කර්නල් මන්දීප් සින් නෙගී එස්එම් (Lieutenant Colonel Mandeep Singh Negi SM) සිකුරාදා (ජනවාරි මස 05) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමු විය.

මෙම සුහද හමුවේදී, දෙරටේ ත්‍රිවිධ හමුදාවන් අතර පවතින සුහදතාවය, සහයෝගීතාව සහ අවබෝධය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

සුහද හමුව සමාප්තියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සුහදතාවය සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ලුතිනන් කර්නල් මන්දීප් සින් නෙගී එස්එම් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.