Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2024 15:41:24 Hours

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී කඹුරුපිටිය අභිමංසල II සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 02) දින කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල II සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.  තවද 2024 වර්ෂය සදහා අභිමංසල II සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් වෙත  සුභපැතුම් පිරිනැමීමද සිදුකළහ.

සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවෙකු විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, සංචාරයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව ඔවුන් වෙත අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීය.

මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියහ. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.