Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2024 15:45:26 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 02) දින රාගම ප්‍රදේශයේ ස්ථාපිත රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් වෙත අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමීය.

සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, එතුමන් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් පසුව ඔවුන් වෙත අලුත් අවුරුදු ත්‍යාග පිරිනැමීය. මෙම සංචාරය සනිටුහන් කරමින් නේවාසික රණවිරුවෙකු විසින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. 

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එම සුවතා නිකේතනයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.